
ලක්නව් සුපර් ජයන්ට්ස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම් අතර අද (30 වැනිදා) පැවැත්වෙන අයි.පී.එල්. තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් ක්‍රීඩකයෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 199 ක් ලබාගත්හ.
ක්වින්ටින් ඩි’කොක් (54) ලබාගත් අර්ධ ශතකයත් නිකලස් පූරන් සහ කෘනාල් පාණ්ඩ්‍යාගේ පිතිහරඹයටත් ස්තුතිවන්නට ලක්නව් ක්‍රීඩකයෝ අභියෝගාත්මක ඉලක්කයක් පන්ජාබ් පිතිකරුවන්ට යොමු කළහ. විස්සයි-20 තරගයකදී ලකුණු 200 ක ඉලක්කයක් යනු සෑම ඕවරයකදීම ලකුණු 10 ක් ලබාගැනීමේ අභියෝගයකි.
සෑම් කරන් (28/3) හොඳ පන්දු යැවීමක නිරත වූ නමුත් සෙසු පන්දු යවන්නෝ ප්‍රහාරයට ලක්වූහ.
තරගයේ තාලය වෙනස් කළේ හර්ෂාල් පතෙල් විසින් කෘනාල් පාණ්ඩ්‍යාට යවන ලද 18 වැනි ඕවරයයි. වයිඞ් පන්දු 3 ක් ඇතුළත් වූ ඕවරයෙන් කෘනාල් ලකුණු 20 ක් උදුරාගත් බැවින් 162 තිබූ ලකුණු සංඛ්‍යාව පන්දු 6 ක එහා මෙහාවෙන් ලකුණු 182 ක් විය. අවසන් ඕවර දෙකින් ලකුණු 17 ක් ලබාගැනීම අරුමයක් නොවන බැවින් පන්ජාබ් පිලේ ඉලක්කය 200 ක් විය.
ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 20 කදී කඩුලු 8 ට 199 යි
(ක්වින්ටින් ඩි’කොක් 54, ලෝකේෂ් රාහුල් 15, මාකස් ස්ටොයිනිස් 19, නිකලස් පූරන් 42, කෘනාල් පාණ්ඩ්‍යා නොදැවී 43, සෑම් කරන් 28/3, අර්ශ්දීප් සිං 30/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.