Last Update  :  2025-10-15 21:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරගය අතහැර දමයි
කාන්තා ලෝක කුසලාන - 2025

තරගය අතහැර දමයි

editorial - 2025 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගියේය. එකම පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණු 01 ක් බැගින් හිමිවිය. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තිබූ මෙම තරගය අද (04 වැනිදා) පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ. එහෙත් දිගින් දිගටම පැවැති පොද වැස්ස හේතුවෙන් පස්වරු 5.00 පසුවන තුරුත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණ. 

ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණ නමුත් ඒ වන විටත් පැවැති වර්ෂාව සහ ක්‍රීඩාංගණය ක්‍රීඩා කළ හැකි මට්ටමට ගෙන ඒමට අවශ්‍ය කාලය පිළිබඳ සැලකිල්ලට ගත් තරග තීරක ජී. එස්. ලක්‍ෂමී මහත්මිය සහ විනිසුරුවරියෝ  තරග අතහැර දැමීමට තීරණය කළහ. 

අද හිමිවූ ප්‍රසාද ලකුණත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානයට පැමිණියේය. 


අදහස් (0)

තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.