Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී තරග තීරකවරයා වශයෙන් සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා පත්කර තිබේ. තරග තීරකවරුන් අතරේ ප්‍රවීණතම තීරකවරයකු වන පයික්‍රොෆ්ට් මහතා ටෙස්ට් තරග 100 ක නිලධාරියා ලෙසින් කටයුතු කළ තීරකවරුන් කිහිප දෙනාගෙන් අයෙකි.
පයික්‍රොෆ්ට් මහතා එක්දින අන්තර්ජාතික තරග 238 ක සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 174 කදීත් තරග තීරකවරයා ලෙසින් කටයුතු කර තිබේ.
ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග 3කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත තරගාවලිය සඳහා මධ්‍යස්ථ විනිසුරුවරුන් ලෙසින් රොඩිනි ටකර් (ඕස්ටේ්‍රලියාව), ඇලෙක්ස් වෝෆ් (එංගලන්තය) සහ අලාහුදීන් පලේකාර් (දකුණු අප්‍රිකාව) යන මහත්වරුන් ද පත්කරනු ලැබ සිටිති.
ශ්‍රී ලාංකික විනිසුරුවරුන් ලෙස රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියේ විනිසුරු මඬුල්ලට එක්වෙති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.