Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිස්ස විද්‍යාලයට ඉනිමක ජයක්

තිස්ස විද්‍යාලයට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 65 ක ජයක් හිමිකර ගැනීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ රොහාන් සංජය ශතකයක් සහ කඩුලු 10 ක් දවාගනිමින් දස්කම් දැක්වීය. මිතිර තෙනුරද කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.1 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(ජීවක ශශීන් 43, රවීන් යසස් 26, කල්ප චේතිය 20, රොහාන් සංජය 52/5, සතින් හිමාෂ් 22/2)

තිස්ස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී ලකුණු 350
(රොහාන් සංජය 101, සතින් හිමාෂ් 64, කෝසල රවිඳු 32, මිතිල තෙනුර 31, රමේෂ් මදුශංක 27, තාරක සඳරුවන් 25, යොහාන් රවිශ්ක 23, රවින් යසස් 67/4, පැතුම් මදුශංක 126/3, පවන් සංදීප් 38/2)

දේවපතිරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(ජීවක ශශීන් 31, පැතුම් මදුශංක 26, කල්ප චේතිය 20, මිතිර තෙනුර 20/5, රොහාන් සංජය 79/5)

 


අදහස් (0)

තිස්ස විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.