Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩෙලන් පීරිස් පෙරමුණ රැකගනී

ඩෙලන් පීරිස් පෙරමුණ රැකගනී

Nisanka Sandeepani - 2017 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) පස්වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1639 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 2254 කි. 
 
ඉකුත් සතියේදී ඩෙලන් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමත් සමග එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට ඇද වැටුණු බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 1071 කි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 782 ක් පමණි. 
 
ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පැවැති ඡන්ද පරතරය 236 සිට 1183 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඩෙලන්ට වඩා ඡන්ද 1266 ක් පසුපසින් සිටින කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස් එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 988 කි. 
 
මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර සහ මීගමුව මාරිස්ටෙලා විදුහලේ රවිඳු ප්‍රනාන්දු පිළිවෙලන් ඡන්ද 363 ක් සහ 115 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගෙන සිටිති. 
 
කොටේටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ සොනාර කරුණාතුංග ඡන්ද 453 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ ඡන්ද 43 ක් ලබාගනිමිනි. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 
 
www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලියාපදිංචි විය හැකිය. තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ වන නමුත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකිය. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ. 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 ඉෂන්දි ගුණවර්ධන, කෙන්නවිට, පළතුරුපිටිය, හින්දැල්ලන, රත්නපුර 
2 කේ. සී. මංචනායක, 233, මාර්ක් වත්ත, අස්ගිරිය, ගම්පහ 
3 සහන් දේශප්‍රිය, බී/ජී/1, විතානගේ මාවත, කොළඹ 2 
4 ධනංජය ප්‍රේමතිලක, 23/බී, තම්මිට, මාකෙවිට 
 
-036 

අදහස් (0)

ඩෙලන් පීරිස් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.