Last Update  :  2025-07-25 15:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩුප්ලෙසී - හෙසල්වුඩ් බැංගලෝර් පිලට ජය ගෙනෙති

ඩුප්ලෙසී - හෙසල්වුඩ් බැංගලෝර් පිලට ජය ගෙනෙති

editorial - 2022 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 31 වැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට බැංගලෝර් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට ක්‍රීීඩා කර ඇති ‍බැංගලෝර් කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් කණ්ඩායමට ජොෂ් හෙසල්වුඩ් ප්‍රමුඛ බැංගලෝර් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. එහිදී ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳහෙළු හෙසල්වුඩ් ලක්නව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවේය. 

කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක්ද, නායක ලෝකේෂ් රාහුල් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට ලක්නව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ෆෆ් ඩුප්ලෙසී පන්දු 64 කින් ලකුණු 96 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.

තරමක් මන්දගාමී ලෙස සිය ඉනිම ඇරඹූ ඩුප්ලෙසී අවසන් ඕවර කිහිපයේදී ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් බැංගලෝර් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 180 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, ශාබාස් අහමඩ් පන්දු 22 කදී හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් බැංගලෝර් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඩුප්ලෙසීට අනගි සහායක් දුන්හ. 

පළමු ඕවරයේ පස්වැනි සහ හයවැනි පන්දුවලදී පිට පිටම කඩුලු 2 ක් බිඳහෙළීමට දුෂ්මන්ත චමීර සමත් වූ අතර ඔහුගේ පන්දු හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් අනූජ් රාවට් ලකුණු 4 කටද, විරාට් කෝලි ලකුණු නොළබාද පිටියෙන් ඉවත්ව ගියහ. 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 181 
(ෆෆ් ඩුප්ලෙසි 96, ග්ලේන් මැක්ස්වෙල් 23, ශාබාස් අහමඩ් 26, ජේසන් හෝල්ඩර් 25/2, දුෂ්මන්ත චමීර 31/2) 

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 163
(ලෝකේෂ් රාහුල් 30, කෘනාල් පාණ්ඩ්‍යා 42, මාකස් ස්ටොයිනිස් 24, ජේසන්‍ හෝල්ඩර් 16, ජොෂ් හෙසල්වුඩ් 25/4, හර්ෂාල් පටේල් 47/2) 

-036


අදහස් (0)

ඩුප්ලෙසී - හෙසල්වුඩ් බැංගලෝර් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.