Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පාපන්දු පළමු පෙළ (පිරිමි) තරගාවලියේ ශූරතා කුසලාන සමග රුපියල් මිලියනයක් දිනා ගැනීමට මාවනැල්ල යුනයිටඩ් ක්‍රිඩා සමාජය සමත් විය.ඒ කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී සෙනසුරාදා (19) පැවැති දෙවැනි අදියර අවසන් තරගය ගෝල 3 - 0 කට ජය ගනිමිණි.
මාවනැල්ලේදී පැවැති තරගාවලියේ පළමු අදියර අවසන් තරගය ගෝල 1 - 0 කට ජය ගැනීමෙන්ද මාවනැල්ල යුනයිටඩ් කණ්ඩායමේ කුසලාන දිනා ගැනීමේ අවස්ථාව කොළඹදී වඩාත් තහවුරු වී තිබුණි.කණ්ඩායම් 16 ක් තරග වැදුණු එහිදී ප්‍රතිවාදීන් එකි නෙකා දෙවතාවක් මුණ ගැසෙමින් තරග වැදීමේදී අවසන් පූර්ව තරග හතරක් හා අවසන් තරග දෙකක් තරග සැලැස්මට ඇතුළත් කර තිබුණි.
නරඹන්නන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති දෙවැනි අදියර තරගයේ පළමු භාගය ගෝල 1 - 0 කට නිමා කිරීමට මාවනැල්ල ක්‍රීඩකයෝ සමත් වූහ.එහිදී මොහොමඩ් ෂිපාන් ගෝල දෙකක් වාර්තා කළේය.සෙසු ගෝලය මොහොමඩ් සකීල් ලබා ගත්තේය.
සුපිරි අට (දෙවැනි) වටයෙන් පසුව පැවැති අවසන් පූර්ව වටයේදී දෙවතාවක් ප්‍රතිවාදීන් එකි නෙකාට එරෙහිව මුණ ගැසීමේදී ග්‍රේට් ස්ටාර් කණ්ඩායම විසින් ආදි මැසිනෝද් කණඩායම ගෝල 5 -1 ක් හා 3 - 2 ක් පරිදි පරාජය කරමින් අවසන් තරග සදහා නිර්දේශ ලැබීය.
මාවනැල්ල යුනයිටඩ් කණ්ඩායම එහිදී ගෙලිඔය ක්‍රීඩා සමාජය ගෝල 5 -1 කින් හා 3 - 2 කින් පරාජය කරමින් අවසන් තරග සදහා ප්‍රවේශ විය.මෙවර අනුශූරතාව ලද ග්‍රේට් ස්ටාර් ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ පහක් හිමි විය.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,කබීර් හෂීම් හා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සහාපති ජස්වර් උමාර් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් දෙවැනි අදියර අවසන් තරගය පැවැත්විණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.