(අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩා තරගාවලියේදී පාපන්දු වයස 16න් පහළ බාලක ශූරතාව සහ 17න් පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහල් පාපන්දු කණ්ඩායම් සමත් විය.
මෙම තරගාවලිය පසුගියදා බද්දේගම දිස්ත්‍රික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. 16න් පහළ බාලක අනුශූරතාව වතුගෙදර ශ්‍රීපති විදුහල් කණ්ඩායමද, 17න් පහළ බාලිකා අනුශූරතාව බලපිටිය සිද්ධාර්ථ විදුහල් කණ්ඩායමද හිමිකර ගැනීමට සමත්විය.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.