Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 111 ක ජයක් හිමිකර ගැනීමට තෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලය ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය කුළියාපිටිය විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලය වෙනුවෙන් චතුරංග ගුණසේකර ලකුණු 88 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් ඒන්ජල් රොඞ්රිගු කඩුලු 8 ක් සහ හේෂාන් ජයසේකර කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඩඞ්ලි සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(සඳකැන් ජයවීර 35, හර්ෂ කරුණාරත්න 29, චතුරංග ගුණසේකර 26, ලක්ජිත් ජයවීර 22, ඒන්ජල් රොඞ්රිගු 12/4, කසුන් කරුණාරත්න 33/3, හේෂාන් ජයසේකර 46/3)
කුළියාපිටිය ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39 කදී සියලුදෙනා දැවී ලකුණු 135
(චතුන් රණසිංහ 37, කාවින්ඳ චමෝද් 30, මාධව හේරත් 25, චතුරංග ගුණසේකර 40/5, රුමේෂ් විජේරත්න 43/2)
ඩඞ්ලි සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 64.2 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(ලක්ජිත් ජයවීර 55, හර්ෂ කරුණාරත්න 46, චතුරංග ගුණසේකර 42, සිතුම් වික්‍රමාරච්චි 31, ඒන්ජල් රොඞ්රිගු 48/4, හේෂාන් ජයසේකර 84/4)
කුළියාපිටිය ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 141
(චතුන් රණසිංහ 55, හේෂාන් ජයසේකර 32, මාධව හේරත් නොදැවී 29, ලක්ජිත් ජයවීර 15/4, චතුරංග ගුණසේකර 48/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.