Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩකා ඩයිනමයිට්ස් පිල කඩුලු 8 කින් ජයගනි

ඩකා ඩයිනමයිට්ස් පිල කඩුලු 8 කින් ජයගනි

Nisanka Sandeepani - 2017 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ෂිලාත් සික්සර් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 102 ක පහසු ඉලක්කයක් හඹා ගිය ඩකා ඩයිනමයිට්ස් ක්‍රීඩකයෝ ඕවර 7.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 47 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ එවින් ලුවිස් (නොදැවී 44) සහ සකීබ් අල් හසන් (නොදැවි 18) රැස්කරමින් ඩකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු 18 කදී වාර්තා වූ ලුවිස්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 11 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. 

වේගවත් පිතිහරඹයක නිරත වූ සහීඞ් අෆ්රිඩි පන්දු 17 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 37 ක් රැස්කරමින් ඩකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. 

එහිදී ඩකා කණ්ඩායම වෙනුවෙන් පිට පිට පන්දු 2 කදී කඩුලු 2 ක් දවාගැනීමට ටිම් බ්‍රෙස්නන් සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි විය. 
පළමුවෙන් පන්දුවට පහරදුන් ෂිලාත් සික්සර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අබුල් හසන් පන්දු 26 කදී නොදැවී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී යෑම ෂිලාත් සික්සර් කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 3 ක් සමගින් ලකුණු 15 ක්ද, තයිජුල් ඉස්ලාම් හතරේ පහරක් සමගින් ලකුණු 16 ක්ද ලබාගැනීමට සමත් වූහ. 

විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ සහීඞ් අෆ්රිඩි ලකුණු 12 කට කඩුලු 4 ක් දවාගනිමින් ඩකා ඉනිම සුණුවිසුනු කර දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් සුනිල් නරේන් ලකුණු 10 කට කඩුලු 3 ක්ද, අබූ හයිදර් ලකුණු 23 කට කඩුලු 2 ක්ද දවාගත්හ. 

 

ෂිලාත් සික්සර් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 101 
(ධනුෂ්ක ගුණතිලක 15, අබුල් හසන් නොදැවී 30, තයිජුල් ඉස්ලාම් නොදැවී 16, සහීඞ් අෆ්රිඩි 14/4, සුනිල් නරේන් 10/3, අබූ හයිදර් 23/2)  
ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 7.5 කදී කඩුලු 2 කට 106 
(එවින් ලුවිස් නොදැවී 44, සහිඞ් අෆ්රිඩි 37, සකීබ් අල් හසන් නොදැවී 18) 

 

- 036 


අදහස් (0)

ඩකා ඩයිනමයිට්ස් පිල කඩුලු 8 කින් ජයගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.