Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩි.එස්. සේනානායක විද්‍යාලයට කඩුලු 8 ක ජයක්

ඩි.එස්. සේනානායක විද්‍යාලයට කඩුලු 8 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලය සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් දෙවැනි ඉනිමේදි කඩුලු 5 ක්ද සචින්ත හෙට්ටිගේ ඉනිම දෙකේදී කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඩි.එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(විහන් ගුණසේකර 49, මුදිත ලක්ෂාන් 48, සඳරු චන්දික 37, විනුක දිල්ෂාන් 55/4, ඉමේෂ් මෙන්ඩිස් 32/3)

ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(නිමේෂ් මෙන්ඩිස් 26, චමිඳු දිල්ශාන් 24, සචින්ත හෙට්ටිගේ 25/3, මෙතුෂාන් තිළිණ 10/2)

ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(සචින් සංගීත් 42, උෂාන් ඉමන්ත 35, මුදිත ලක්ෂාන් 50/5, සචින්ත හෙට්ටිගේ 36/3)

ඩි.එස්. සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 24
(විනුක දිල්ෂාන් 08/2)


අදහස් (0)

ඩි.එස්. සේනානායක විද්‍යාලයට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.