Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)
අනපේක්‍ෂිත මොහොතකදී ඕවර දෙකකින් ලකුණු 36 ක් උදුරාගත් ජැමී ස්මිත් අතිශය ප්‍රචණ්ඩකාරී පිතිහරඹයකට පිවිසි හෙයින් ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (08 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත ලයන්ස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 234 ක් ලබා සිටියේය. පන්දු 56 කින් නොදැවී ලකුණු 86 ක් ලබා සිටින ජැමී ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ. ඔහුගේ ලකුණු 86 න් ලකුණු 70 ක්ම හතරේ සහ හයේ පහර වලිනි.
පිට දඟ පන්දු යවන්නා වන ලක්‍ෂිත මානසිංහගේ ඕවරකින් ලකුණු 18 ක් උදුරා ගත් ජැමී ස්මිත්, ඊළඟ ඕවරය යැවූ ශ්‍රී ලංකා ටෙස්ට් වේග පන්දු යවන්නකු වන චාමික කරුණාරත්නගෙන් තවත් ලකුණු 18 ක් ලබාගත්තේය. ස්මිත් පිටියට පැමිණෙන විටත් ලකුණු 54 ක් ලබා සිටි ආරම්භක පිතිකරුවා වූ ඇලෙක්ස් ලීස් දිනය අවසන් කළේ ලකුණු 75 කිනි.
ඕවර 35 කින් ලකුණු 234 ක් ලබාගත් ලයන්ස් පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය 6.68 ඉක්මවා තිබිණ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිමේදී ලකුණු 332 කට දැවී ගියේය. තරගයේ දින දෙකක් ඉතිරිව තිබියදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම සත්කාරකයන්ට වඩා ලකුණු 98 ක් පසුපසින් සිටියද ඔවුන් අත වැඩිපුර කඩුලු 7 ක් තිබේ.
කණ්ඩායමේ උසම ක්‍රීඩකයා වන මැතිව් ෆිෂර්ගේ අති විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ ලසිත් කෲස්පුල්ලේ දැවී යාමත් සමගින් තරගයට කඩාවැදුණු ලයන්ස් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 332 දී අවසන් කරගත්හ. අද පෙරවරුවේදී කඩුලු 3 කට ලකුණු 211 ක් ලබා සිටි ශ්‍රි ලංකා ‘ඒ’ කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 121 ක් තුළ බිඳ වැටිණ. ඒ අතරවාරයේ නිපුන් ධනංජය, ලක්‍ෂිත මානසිංහ සහ ලසිත් ඇඹුල්දෙණිය තිදෙනා අතර ලකුණු 47 ක සහ 42 ක සම්බන්ධතා දෙකක් විය. මෙම සම්බන්ධතා දෙක නිසාම ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 300 සීමාව පසුකර යාමට හැකිවිය.
ආරම්භයේ සිටම ස්ථාවර පන්දු යැවීමක නිරත වූ ජොෂ් ටං, එංගලන්ත ලයන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ මංගල තරගයේදීම ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම දෙදරවා හැරියේය. අද පෙරවරුවේදී ජොෂ් ටං ගේ පන්දු යැවීම සටහන් වූයේ 8.3-1-22-4 ක් ලෙසිනි.
ඊයේ (07 වැනිදා) මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 190 ක් ලබා සිටියේය. නොදැවී සිටි පිතිකරුවන් දෙදෙනා වූ ලසිත් කෲස්පුල්ලේ සහ නිපුන් ධනංජය දෙදෙනා අද පෙරවරුවේදීත් කිසිම අපහසුතාවකින් තොරව, රිසි සේ ලකුණු කරා යද්දී ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ට තරමක් හෝ තර්ජනයක් වූයේ වේග පන්දු යවන්නා වූ ජොෂ් ටං පමණි.
එහෙත් ජෙෂ් ටංගෙන් වුවද, ඉඳහිට දුර්වල පන්දු නොලැබුණා නෙවේ.
පිට ඉන්නට එපිටන් පැමිණි ටං ගේ පන්දුවකට කෲස්පුල්ලේ ගැසූ අලංකාර පහරකින් පන්දුව ඉගිළී යද්දී බැක්වර්ඩ් පොයින්ට් හි සිටි මැතිව් ෆිෂර්, තමන්ගේ උස ප්‍රයෝජනයට ගනිමින්, ගුවනට පැන තනි අතින් උඩපන්දුව ඩැහැගත්තේය. තම දැවීයාම ගැන කෲස්පුල්ලේ බෙහෙවින් කණස්සල්ලට පත්වූ නමුත් එය කිසිසේත්ම කඩුල්ල වීසිකර දැමීමක් නොවේ. දුර්වල පන්දුවකට ගැසිය යුතු පහර ගැසීමේදී විශිෂ්ට උඩපන්දු රැකීමකට කඩුල්ල අහිමිවූවා පමණි.
කඩුල්ල වීසිකරදැමූ එකම පිතිකරුවා චාමික කරුණාරත්නය. නවසීලන්ත සංචාරයට පෙර, පිතිකරුවකු වශයෙන් ඔහුට කළ හැකිදේ පරීක්‍ෂණයට ලක්කෙරෙමින් තිබියදීත්, පිට ඉන්නට එපිටින් පතිත වූ පන්දුවක් හඹා ගිය කරුණාරත්න පළමු ස්ලිප් හි සිටි ඇලෙක්ස් ලීස්ට පහසු උඩපන්දුවක් දුන්නේය.
ළහිරු උදාර දැවීගියේ මහත් අවාසනාවන්ත ලෙසිනි. මුහුණ දුන් පළමු පන්දුවම පිත්තේ වැදී ලෙග් ස්ලිප් ක්‍රීඩකයා වෙතට ගියද ඔහු එය රැකගත් ආකාරය සම්බන්ධයෙන් පිටියේ සිටි විනිසුරුවරුන් දෙදෙනාටම සැකයක් තිබිණ. එබැවින් එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමු කළ අතර උඩපන්දුව රැකගත් ආකාරය ගැන විනාඩි කිහිපයක්ම බලමින් සිටි තුන්වැනි විනිසුරු චන්ද්‍රික අමරසිංහ මහතා විසින් ළහිරු උදාර දැවීගිය බවට තීන්දුව දෙන ලදි. ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කඩුලු රකින්නා වන ළහිරු උදාර, කිසිවක් නොකියා ආපසු ක්‍රීඩාගාරයට පියමැන්නේය.
හෙට තරගයේ තුන්වැනි දිනයයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.