Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිල 5 වැනි ජයත් ලබයි

චෙන්නායි පිල 5 වැනි ජයත් ලබයි

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර චෙන්නායිහිදී අද (9 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට චෙන්නායි පිල සමත්විය. පැවැති තරග 6 න් 5 ක් ජයගත් චෙන්නායි පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිල ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ෆෆ් ඩු‘ප්ලෙසීස් පන්දු 45 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් චෙන්නායි පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දුවට පහරදීමට කොල්කටා පිලට ආරාධනා කළ අතර ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108 ක් පමණි.

හුදකලා සටනක නිරතවූ ඇන්ඩි්‍ර රසල් පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.

දීපක් චහර් ලකුණු 20 කට කඩුලු 3 ක්ද හර්බජන් සිං සහ, ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා පිලේ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 108
(ඇන්ඩි්‍ර රසල් නොදැවී 50, දීපක් චහර් 20/3, හර්බජන් සිං 15/2, ඉම්රාන් තහීර් 21/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී 113
(ෆෆ් ඩු‘ප්ලෙසීස් නොදැවී 43, අම්බති රයිදු 21, සුනිල් නරේන් 24/2


අදහස් (0)

චෙන්නායි පිල 5 වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.