Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරි ෆෝල්කන්ස් පිල දිනවයි

චමරි ෆෝල්කන්ස් පිල දිනවයි

editorial - 2022 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චමරි අතපත්තුගේ (නොදැවී 107) ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ වොරියර්ස් කාන්තා පිලට එරෙහිව ඩුබායිහිදී ඊයේ (4 වැනිදා) ආරම්භ වූ ෆෙයාර්බ්‍රේක් ආරාධිත කාන්තා විස්සයි20 තරගාවලියේ පළමු තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ෆෝල්කන්ස් කාන්තා පිල සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය ෆෝල්කන්ස් කාන්තා පිල ඕවර 18.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.

තරගාවලිය ආරම්භ කරමින් ප්‍රදර්ශනාත්මක පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 55 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 107 ක් ලබාගත්තාය. අතපත්තුට අනගි සහයක් ලබාදුන් අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ සුසී බේට්ස් පන්දු 43 කදි හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 60 ක් ලබාගැනීමට සමත්වූවාය. චමරි අතපත්තු සහ සුසී බේට්ස් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 84 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත්වූහ.

වොරියර්ස් පිල නියෝජනය කරන තවත් ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් වූ උදේශිකා ප්‍රබෝධනී ඕවර 3 ක් යවමින් ලකුණු 30 ක් ලබාදුන්නද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් වූවාය.
කාසියේ වාසිය දිනාගත් ෆෝල්කන්ස් කාන්තා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 177 ක් ලබාගැනීමට සමත්විය.

ආරම්භක පිතිකාරිණියන් වූ හේලි මැතිව්ස් සහ ජෝර්ජියා රෙඩ්මෙයින් අර්ධ ශතක ලබාගනිමින් වොරියර්ස් කාන්තා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. හේලි මැතිව්ස් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 58 ක් ලබාගත් අතර ජෝර්ජියා රෙඩ්මෙයින් පන්දු 61 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 80 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

පළමු කඩුල්ල සඳහා පන්දු 58 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද හේලි මැතිව්ස් සහ ජෝර්ජියා රෙඩ්මෙයින් සමත්වූහ.

ඕවර 3 ක් යවමින් ලකුණු 25 ක් ලබාදුන් නමුත් කඩුල්ලක් දවාගැනීමට චමරි අතපත්තු අපොහොසත් වූ නමුත් පිතතෙන් දැක්වූ දස්කම් හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත්වූවාය.


වොරියර්ස් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 177
(හේයිලි මැතිව්ස් 58, ජෝර්ජියා රෙඩ්මෙයින් 80)

ෆෝල්කන්ස් කාන්තා පිල - ඕවර 18.4 කදී කඩුලු 2 ක් දැවී 178
(සුසී බේට්ස් 60, චමරි අතපත්තු නොදැවී 107)

- 2079

 


අදහස් (0)

චමරි ෆෝල්කන්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.