ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම එරෙහිව අද (16 වැනිදා) පැවැති තරගයේදී මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චමරි අතපත්තු ලකුණු 7 කට දැවී ගියාය.
ඇඩිලේඞ්හිදී පැවැති මෙම තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි.
එහිදී මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස කටයුතු කරන චමරි අතපත්තු, පන්දු 10 කදී හතරේ පහරක් සමග ලකුණු 7 ක් ලබා සිටියදී සොෆී ඬේවින්ගේ පන්දුවක් හමුවේ ටබාතා සැවිලී අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියාය.
මෙම තරගයේදී ඕවර 4 ක් යැවූ චමරි එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 25 ක් දෙමින් කඩුල්ලක් දවාගත්තාය.
ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 139
(සුසී බේට්ස් 24, ටැමී බියුමන්ට් 45, සොෆී ඬේවින් 15, මීගන් ස්චට් නොදැවී 20)
මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 138
(ඇමී සැටර්ත්වයිට් 56, එමා ඉන්ග්ලිස් 18, ක්ලෙයාර් කොස්කි 16, තාලියා මැග්‍රාත් 27/2, සොෆී ඬේවින් 28/2, ඇමැන්ඩා වෙලින්ටන් 33/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.