
(දමින්ද විජේසූරිය)
සම්මත ආකාරයේ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන දිලුම් සුධීර (48/4) සහ දුනිත් වෙල්ලාලගේ (26/6) එක්ව ගාල්ලේදී පැවැති ජාතික සුපර් ලීග් තරගයේදී ගාල්ල කණ්ඩායම ලකුණු 145 ක පහසු ජයක් කරා කැඳවාගෙන ගියහ. ලකුණු 251 ක ඉලක්කයක් කරා ගිය දඹුල්ල කණ්ඩායම දිලුම් සුධීර සහ වෙල්ලාලගේ හමුවේ ලකුණු 105 කට දැවී ගියහ.
නියමිත රිද්මයට පැමිණි කල්හි දුනිත් වෙල්ලාලගේ මුහුණ දීමට අසීරු දඟ පන්දු යවන්නෙකි. පිතිකරු හමුදාවක් වුවත් තනි අතින් විනාශ කළ හැකි මෙම වමත් දඟ පන්දු යවන්නා දඹුල්ල දෙවැනි ඉනිමේදී කළ පන්දු යැවීම සටහන් වූයේ 9-3-26-6 ක් ලෙසිනි.
දඹුල්ල දෙවැනි ඉනිමේදී ඉලක්කම් දෙකකින් යුත් ලකුණු ලබාගත්තේ සහන් කෝසල (25) සහ අකිල ධනංජය (28) පමණි. ඒ ඉනිම එහෙම පිටින්ම පාහේ පා දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ ආධිපත්‍යයට නතුව පැවතිණ. තුන්වැනි ඕවරයේදීම පන්දු යැවීමට දිලුම් සුධීරව කැඳවූ ගාල්ල නායක පසිඳු සූරියබණ්ඩාර එම ඕවරයේදීම සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තේය. එතැන් සිට ඕවර 60 කින් තරගය නිමා විය.
ගාල්ල - පළමු ඉනිම 267 යි
(ඕෂධ ප්‍රනාන්දු 100, නිපුන් ධනංජය 14, දිනේෂ් චන්දිමාල් 73, සධීර සමරවික්‍රම 19, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 37/2, අකිල ධනංජය 83/7)
දඹුල්ල - පළමු ඉනිම 260 යි
(නිශාන් මධුෂ්ක 15, ලසිත් කෲස්පුල්ලේ 11, සහන් කෝසල 19, ධනංජය ද සිල්වා 106, සොනාල් දිනූෂ 39, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 54, ඩිල්ෂාන් මධුශංක 64/3, මිලාන් රත්නායක 37/3, දිලුම් සුධීර 49/2)
ගාල්ල - දෙවැනි ඉනිම 244 යි
(ඕෂධ ප්‍රනාන්දු 44, නිපුන් ධනංජය 27, දිනේෂ් චන්දිමාල් 23, දුනිත් වෙල්ලාලගේ 46, අවිශ්ක පෙරේරා 16, රමේෂ් මෙන්ඩිස් 56, මිලාන් රත්නායක 13, ලසිත් ඇඹුල්දෙණිය 78/3, අකිල ධනංජය 80/5)
දඹුල්ල - දෙවැනි ඉනිම 105 යි
(සහන් කෝසල 25, අකිල ධනංජය 28, දිලුම් සුධීර 48/4, දුනිත් වෙල්ලාලගේ 26/6)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.