Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල විද්‍යාලෝකයට ලකුණු 56 ක ජයක්

ගාල්ල විද්‍යාලෝකයට ලකුණු 56 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී ජාඇල ක්‍රිස්ට් කිංග් විද්‍යාලයට එරෙහිව ලකුණු 56 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය වෙනුවෙන් සංජු ලක්ෂාන් අර්ධ ශතකයක් සහ සොනාල් රංසර කඩුලු 5 ක් දවාගනිමින් දස්කම් දැක්වූ අතර ජාඇල ක්‍රිස්ට් කිංග් විද්‍යාලයේ නිමේෂ් මාලින්ද ලකුණු 77 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.


විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(සංජු ලක්ෂාන් 76, පැතුම් හසරංග 38, අවිෂ්ක අනුරාධ 33, නිමේෂ් මාලින්ද 44/5)

ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(පසිඳු මලිත් 20, සංජු ලක්ෂාන් 13/3)

විද්‍යාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 125
(විශාන් චාමික 26, නිමේෂ් මාලින්ද 33/6)

ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(නිසල් මාලිංග 39, ධනංජය ප්‍රනාන්දු 29, සොනාල් රංසර 46/5)

 


අදහස් (0)

ගාල්ල විද්‍යාලෝකයට ලකුණු 56 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.