අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අද (17 වැනිදා) අවසන්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ගාල්ල කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් රැස්කිරීමට සමත්විය. දිගින් දිගටම පැවැත්ි වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළහ.
පන්දුවට පහරදෙමින් සිටි සධීර සමරවික්‍රම පන්දු 94 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 72 ක් රැස්කර සිටි අතර සම්මු අශාන් ලකුණු 16 ක් රැස්කර සිටියේය.
දෙවැනි කඩුල්ල සදහා පන්දු 128 කදී ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට භානුක රාජපක්ෂ සහ සධීර සමරවික්‍රම සමත්වූහ.
ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පන්දු 56 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත්විය.
ගාල්ල කණ්ඩායම - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 155
(භානුක රාජපක්ෂ 59, සධීර සමරවික්‍රම නොදැවී 72)
ඡායාරූප චතුර එස් .කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.