Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෞෂාල්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

කෞෂාල්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හි පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (28 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 375 ක් රැස්කරමින් ලකුණු 143 ක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියේය.

අද දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට මහේල ජයවර්ධන නොදැවී ලකුණු 42 ක් රැුස්කර සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ මුරකරු පිතිකරු ලෙස පිටියට පැමිණි වේග පන්දු යවන සුරංග ලක්මාල් දිනයේ අවසන්  ඕවරයේ දෙවැනි පන්දුවේදී දැවී ගියේය.

යොවුන් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා පන්දු 244 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 139 ක් ලබා සිටියදී දැවී ගියේය.

පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරගාවලියේදී ශතක දෙකක් අහිමි කරගත් කෞෂාල් සිල්වා මෙම තරගයේදී සිය ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය. මෙම ශතකය කෞෂාල්ගේ මංගල ටෙස්ට් ශතකයයි.

කුමාර් සංගක්කාර සහ කෞෂාල් සිල්වා දෙවැනි කඩුල්ල සදහා ලකුණු 155 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිලට අවශ්‍ය ඉලක්කය දක්වා යෑමට මග සකස්කර දුන්හ. සංගක්කාර පන්දු 182 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 75 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.   

දිමුත් කරුණාරත්න ලකුණු 53 ක් ලබා දැවී ගියේ කෞෂාල් සිල්වා සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක්ද පැවැත්වීමෙන් පසුවය. සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ සිවුවැනි අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න, පන්දු 113 කදී හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.

කෞෂාල් සිල්වා දැවී යාමෙන් පසුව මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකු-ණු 72 ක් එක්කළද දිනේෂ් චන්දිමාල්ගේ දැවීයාම නිසා දෙවැනි දිනයේ කඩුලූ 5 ක් දවාගැනීමේ අවස්ථාව බංග්ලාදේශ පිලට හිමිවිය.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ පළමු දිනයේදීම බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 232 කට සීමා කිරීමට සමත් වූහ.

තරගයේ පළමු දිනය වූ ඊයේ (27) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය. ඒ වන විට දිමුත් කරුණාරත්න (නොදැවී 28) සහ කෞෂාල් සිල්වා (නොදැවී 30* පන්දුවට පහර දෙමින් සිටියහ.

හෙට (29) තරගයේ තෙවැනි දිනයයි.  

ලකුණු පුවරුව


අදහස් (1)

කෞෂාල්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.