Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෞෂාල් - තිරිමාන්න ශතක ලබති

කෞෂාල් - තිරිමාන්න ශතක ලබති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

කෞෂාල් සිල්වා (නොදැවී 152) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 120) ගොඩනැගූ අනගි සම්බන්ධතාව නිසා නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිලට එරෙහිව නොදම්ටන්හිදී අද (05* ආරම්භ වූ පුහුණු සිවුදින තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 358 ක් රැස් කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

කෞෂාල් සිල්වා සහ ළහිරු තිරිමාන්න සිවුවැනි කඩුල්ල වෙනුවෙන්  ඕවර 56.2 කදී ලකුණු 238 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ඔසවා තැබීමට සමත් වූහ.   

කෞෂාල් සිල්වා පන්දු 260 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 152 ක් ලබා සිටි අතර මෙය 28 හැවිරිදි කෞෂාල්ගේ 30 වැනි පළමු පෙළ ශතකය වේ.

ළහිරු තිරිමාන්න පන්දු 180 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 120 ක් රැස්කර සිටියේය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය උප නායක 24 හැවිරිදි තිරිමාන්නගේ 12 වැනි පළමු පෙළ ශතකය මෙය වේ.

කෞෂාල් සිල්වා සහ මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල සදහා ලකුණු 67 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. මහේල පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 46 ක් ලබා සිටියදී 34 වැනි  ඕවරයේ සිවුවැනි පන්දුවේදී දැවී ගියේය.

කුමාර් සංගක්කාර පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 28 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.  

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස යොවුන් පිතිකරු දිමුත් කරුණාරත්න (01) දෙවැනි  ඕවයේ අවසන් පන්දුවේදී දැවී ගියේය.

ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයට ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක‍්‍රීඩා නොකරන අතර උප නායක ළහිරු තිරිමාන්න කණ්ඩායම මෙහෙයවයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ මස 12 වැනිදා ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
 
ලකුණු පුවරුව

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - කයිල් කෝට්ෂර් ප. ස්ටීවන් ක්‍රොක්    1
කෞෂාල් සිල්වා - නොදැවී     152
කුමාර් සංගක්කාර - ඇ. චාඞ් බානට් ප. කයිල් කෝට්ෂර්    28
මහේල ජයවර්ධන - ඇ. මැතිව් ස්ප‍්‍රිගල් ප. ස්ටීවන් ක්‍රොක්    46
ළහිරු තිරිමාන්න - නොදැවී      120
අතිරේක    11
එකතුව  ඕවර 90 කදී කඩුලූ 3 ක් දැවී     358

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, චානක වෙලගෙදර, නුවන් ප‍්‍රදීප්

කඩුලූ වැටීම:
1-1(දිමුත් කරුණාරත්න), 2-53(කුමාර් සංගක්කාර), 3-120(මහේල ජයවර්ධන)

පන්දු යැවීම:
ඬේවිඞ් විලි: 12-2-39-0, ස්ටීවන් ක්‍රොක්: 19-2-74-2, චාඞ් බානට්: 18-0-86-0, කයිල් කෝට්ෂර්: 13-0-48-1, ගේ‍්‍රම් වයිට්: 16-1-63-0, මැතිව් ස්ප‍්‍රිගල්: 12-1-42-0

නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල:
ස්ටීවන් පීටර්ස්, ජේම්ස් කෙට්ල්බොරෝ, රොබ් කීෆ්, රිචඞ් ලෙවි, කයිල් කෝට්ෂර්, බෙන් ඩකට්, මැතිව් ස්ප‍්‍රිගල්, ස්ටීවන් ක්‍රොක්, ඬේවිඞ් විලි, ගේ‍්‍රම් වයිට්, චාඞ් බානට්

 


අදහස් (2)

කෞෂාල් - තිරිමාන්න ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.