Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ රිෆාස් මොහොමඞ් (70), ටශික නිර්මාල් (92), හිරුණ සිගේරා (81) සහ ගනිඳු දෙව්මිණ (61) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර හසිඳු ප්‍රමුක කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(රිෆාස් මොහොමඞ් 70, දිනිත් නෙලුම්දෙණිය 32, තමිඳු වික්‍රමාරච්චි 36/4, අශාන් දිල්හාර 40/3, සසිත මනුප්‍රිය 53/3)
ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(රෙශාන් ප්‍රනාන්දු 37, ප්‍රවීන් සඳමාල් 28, අශාන් දිල්හාර 21, හසිඳු ප්‍රමුක 41/4, තනුල චමෝද් 41/3)
ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 64.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 300
(ටශික නිර්මාල් 92, හිරුණ සිගේරා 81, ගනිඳු දෙව්මිණ 61, රසික ලක්මාල් නොදැවී 24, රොශේන් ජයරත්න 21, සමිඳු වික්‍රමාරච්චි 82/3, අශේන් දිල්හාර 43/2)
ශාන්ත ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 157
(රෙශාන් ප්‍රනාන්දු නොදැවී 53, ප්‍රවින් සඳමාල් 35, හසිඳු ප්‍රමුක 37/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.