Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ රාජකීයයන්ට ලකුණු 203 ක ජයක්

කොළඹ රාජකීයයන්ට ලකුණු 203 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 203 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ තෙමිඳු සේනාරත්න (නොදැවී 66) සහ භාග්‍ය දිසානායක (53) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූ අතර මනුල පෙරේරා ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පිළියන්දල මැදි විදුහලේ සඳුන් තත්සර ලකුණු 30 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය.


රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(භාග්‍ය දිසානායක 28, ගයාන් දිසානායක 24, සඳුන් තත්සර 30/6, රේශාන් මදුශංක 5343)

පිළියන්දල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34 කදී සියලුදෙනා දැවී ලකුණු 84
(චමෝද් සඳරු නොදැවී 26, යොමාල් බණ්ඩාර 18/3, කමිල් මිශාර 07/2)

රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 200
(තෙමිඳු සේනාරත්න නොදැවී 66, භාග්‍ය දිසානායක 53, පසිඳු සූරියබණ්ඩාර 49)

පිළියන්දල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27.5 කදී සියලුදෙනා දැවී ලකුණු 51
(මනුල පෙරේරා 12/5, දිමල් විජේසේකර 07/2)

 


අදහස් (0)

කොළඹ රාජකීයයන්ට ලකුණු 203 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.