Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ අශෝක - යාපනය ම.ම.වි. II වැනි ශ්‍රේණියේ අවසන් තරගය අද

කොළඹ අශෝක - යාපනය ම.ම.වි. II වැනි ශ්‍රේණියේ අවසන් තරගය අද

editorial - 2023 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ II වැනි ශ්‍රේණියේ ‘බී’ කාණ්ඩයේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය බණ්ඩාරගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වේ. යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ අශෝක විද්‍යාලය මෙහිදී තරග වදිති. 

කොළඹ අශෝක විද්‍යාලය සිය කාණ්ඩයේ 4 වැනි ස්ථානය ලබාගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය පරාජය කළ අශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

යාපනය මධ්‍ය මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ සිය කාණ්ඩයේ අනුශූරතාව හිමිකරගනිමිනි. යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ හේනේගම විද්‍යාලය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. එහෙත් මූලික වටයේදී ලබාගත් සාමාන්‍ය ලකුණු අනුව අවසන් පූර්ව වටයට පිවිසි යාපනය ක්‍රීඩකයෝ එහිදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසියහ.
 
අද පැවැත්වෙන අවසන් මහ තරගයේදී කොළඹ අශෝක විද්‍යාලයීය කණ්ඩායම උමේෂ් කල්දේරා විසින් ද යාපනය මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායම නිශාන්තන් අජේ විසින් ද මෙහෙයවනු ලබති. 


අදහස් (0)

කොළඹ අශෝක - යාපනය ම.ම.වි. II වැනි ශ්‍රේණියේ අවසන් තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.