‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුළීගොඩ මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 123 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කේරී විද්‍යාලය ඊයේ (18 වැනිදා) සමත්විය. මෙම තරගය කුළීගොඩ මාදම්ප මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ කේරී විද්‍යාලය වෙනුවෙන් මතීෂ රණතුංග (නොදැවී 108) ශතකයක් සහ විදුරංග යෙශාන් ලකුණු 33 කට කඩුලු 5 ක්ද දිලීප පෙරේරා ලකුණු 39 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(ඩිමෙෂ් සැමුවෙල් 35, විදුරංග යෙශාන් 28, කවිඳු ද සොයිසා 16/3)
මාදම්ප ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(කාවින්ද්‍ය සුරේෂන් නොදැවී 47, ඩිමෙෂ් සැමුවෙල් නොදැවී 23, විදුරංග යෙශාන් 38/3, ජනිත් ලක්ෂිත 42/3)
කේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 43.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 219
(මතීෂ රණතුංග නොදැවී 108, නයන බණ්ඩාර 48, ඩිමෙෂ් සැමුවෙල් නොදැවී 23, උදේෂ් මෙන්ඩිස් 30/2, කවිඳු ද සොයිසා 34/2)
මාදම්ප ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(දනුක ද සොයිසා 38, විදුරංග යෙශාන් 33/5, දිලීප පෙරේරා 39/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.