Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දෙවැනි කඩුල්ල සදහා ලකුණු 314 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වීමට ශාන්ත ජෝසප් විද්‍යාලයේ රෙවන් කෙලී සහ නිපුන් සුමණසිංහ සමත්වූහ.
පළමු ඉනිමේදී ලකුණු 150 සිමාව පසු කළ රෙවන් කෙලී පන්දු 229 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 182 ක් සහ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් (නොදැවී 75) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්විය. රෙවන් කෙලීට අනගි සහයක් ලබාදුන් නිපුන් සුමණසිංහ පළමු ඉනිමේදී පන්දු 186 කදී හතරේ පහර 19 ක් සමගින් නොදැවී ලකුණු 156 ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 45 ක් පමණි. දුනිත් වෙල්ලලගේ ලකුණු 80 කට කඩුලු 6 ක් දවාගනිමින් ශාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 75.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 393
(රෙවන් කෙලී 182, නිපුන් සුමණසිංහ නොදැවී 156, ජොහාන් ද සිල්වා 33, මූවින් සුබසිංහ 106/2)
වෙස්ලි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 88 කදී සියලුදෙනා දැවී ලකුණු 336
(හසිත් ගීසර 97, තිසුරක අක්මීවන 67, සකුන්ත ලියනගේ 39, මූවින් සුබසිංහ 29, දුනිත් වෙල්ලලගේ 80/6)
ශා.ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 143
(රෙවන් කෙලී නොදැවී 75, නිපුන් සුමණසිංහ 45)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.