Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් - චරිත් කොළඹ දිනවති
නැෂනල් සුපර් ලීග්

කුසල් - චරිත් කොළඹ දිනවති

editorial - 2022 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දස්කම් මෙන්ම කුසල් මෙන්ඩිස්ගේ (67) සහ චරිත් අසලංකගේ (නොදැවී 52) අර්ධ ශතක හමුවේ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 4 වැනි තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 20.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

ධනුෂ්ක ගුණතිලක සමගින් පළමු කඩුල්ලට පන්දු 31 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් ඉන් නොනැවතී චරිත් අසලංක සමගින් දෙවැනි කඩුල්ලට පන්දු 62 කදී තවත් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීය.

කුසල් මෙන්ඩිස් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 67 ක් සහ චරිත් අසලංක පන්දු 46 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් ලබාගනිමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

දඹුල්ල කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට ඕවර 40 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.

ලසිත් අබේරත්න පන්දු 53 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත් අතර නායක අශාන් ප්‍රියංජන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් ලබාගැනීමට සමත්විය.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් ද, කළණ පෙරේරා සහ චරිත් අසලංක කඩුලු 2 බැගින්ද දවාගනිමින් දඹුල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.


දඹුල්ල කණ්ඩායම - ඕවර 40 කදී සියලුදෙනා දැවී 143
(ලසිත් අබේරත්න 41, අෂාන් ප්‍රියංජන් 31, ප්‍රභාත් ජයසූරිය 35/3, කළණ පෙරේරා 18/2, චරිත් අසලංක 19/2)

කොළඹ කණ්ඩායම - ඕවර 20.4 කදී කඩුලු 3 ක් දැවී 144
(කුසල් මෙන්ඩිස් 67, චරිත් අසලංක නොදැවී 52)

- 2079

 


අදහස් (0)

කුසල් - චරිත් කොළඹ දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.