Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරි කුරුස විද්‍යාලය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාලින්ද ජයෝද් (102) ශතකයක් සහ දිල්හාර නානායක්කාර කඩුලු 10 ක් දවාගනිමින් කළුතර සිරි කුරුස විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ. මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ උමේෂ් ලක්ෂාන් (103) ශතකයක් ලබාගැනීමට සමත්විය.
ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(ලසිත් නිසලංක 30, සසංක පෙරේරා 15/3, දිල්හාර නානායක්කාර 26/3)
සිරි කුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 300
(මාලින්ද ජයෝද් 102, කළණ හරේන්ද්‍ර 64, දිනෙත් තත්සර 79/4, උවින් සලින 105/4)
ශා. පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 66.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(බ්‍රයන් ජුලියස් 79, උමේෂ් ලක්ෂාන් 103, දිල්හාර නානායක්කාර 71/7)
සිරි කුරුස විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 8.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 54
(සනිදු මදුශංක 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.