Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කළුතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ කවිඳු ගයාෂාන් ලකුණු 86 කට කඩුලු 7 ක් දවාගනිමින් කළුතර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර අවිශ්ක ඩිල්ශාන් සහ චාමී නිම්සර කඩුලු 5 බැගින් දවාගනිමින් බලපිටිය රේවත විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 128
(චතුන් කාව්‍ය 31, කවිඳු දිල්හාර 21, කවිඳු ගයාෂාන් 31/4, දිලීෂ අරුණෝදය 25/2, අවිශ්ක ලක්ෂාන් 28/2)
කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(කවිඳු ගයාෂාන් 49, ධනුක නිම්මන 27, හිරුණ දිලීප 25, සුනෙර අගතිසෝ 24, දීලක දමිත් 20, අවිශ්ක ඩිල්ශාන් 37/5, චාමී නිම්සර 81/5)
රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 56.2 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(රුමේෂ් මදුශාන් 42, චතුන් කාව්‍ය 35, අවිශ්ක දිල්ශාන් 34, කවිඳු දිල්හාර 27, කවිඳු ගයාෂාන් 55/3, දීලක දමිත් 07/2, අවිශ්ක ලක්ෂාන් 38/2)
කළුතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 15.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 95
(දුමිත් නිම්හාන් නොදැවී 54, කවිඳු ගයාෂාන් නොදැවී 40)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.