Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.
කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කරගනිමින් ශාන්ත ඇලවීෂියස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ශාන්ත ඇලවීෂියස් විදුහලේ කවිෂ්ක දිල්ෂාන් ලකුණු 6 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.
වෙස්ලි විදුහල - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 104
(චමල් නමේෂ් 32, තිමිර ජයසේකර 16, කවිෂ්ක දිල්ෂාන් 6/5, හරීන් බුද්ධිල 20/2)
ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී 107
(රවිඳු සංජන 18, ඉම්සාෆ් ඉක්බාල් 17, කාවින්ද දිසානායක 17/2, ශෙනාල් දංගල්ල 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.