Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කලම්බෝ ලයන්ස් අන්තිමයා

කලම්බෝ ලයන්ස් අන්තිමයා

Nisanka Sandeepani - 2017 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීම සඳහා ඊයේ (17 වැනිදා) පැවැති තරගයකදී බෙංගාල් ටයිගර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 6 කින් පරාජයට පත්වීම නිසා කලම්බෝ ලයන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් ස්ථානයට පත්වීමට සිදුවිය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය බෙංගාල් ටයිගර්ස් ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 8 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 25 ක් රැස්කළ ඬේවිඞ් මිලර්, 9 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට හතරේ පහරක් ගසමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ජොන්සන් චාල්ස් පන්දු 15 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක් රැස්කරමින්ද, ටොම් කොලර්-කැඞ්මෝ පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කරමින්ද බෙංගාල් ටයිගර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කසුන් මධුෂංක සිය ඕවර 2 ලකුණු 21 කට සීමා කරමින් ජොන්සන් චාල්ස්ගේ සහ ටොම් කොලර්-කැඞ්මෝගේ කඩුලු දවාගත්තේය. 

කාසියේ වාසිය දිනූ බෙංගාල් ටයිගර්ස් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ ලයන්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 115 ක් රැස්කළේය. 

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 65 ක් රැස්කරමින් කලම්බෝ ලයන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. 

ඩිල්ෂාන් මුණවීර (11) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ භානුක, ඉන් නොනැවතී ෂෙහාන් ජයසූරිය (11) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කලම්බෝ ලයන්ස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

මෙම තරගය සඳහා කලම්බෝ ලයන්ස් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකළ අතර එහිදී ඩිල්ෂාන් මුණවීර විසින් කලම්බෝ ලයන්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබීය. 

කලම්බෝ ලයන්ස් පිල - ඕවර 10 කදි කඩුලු 4 කට 115 
(භානුක රාජපක්ෂ 65, ෂෙහාන් ජයසූරිය 11, ඩිල්ෂාන් මුණවීර 11, ඇන්ජලෝ පෙරේරා 11, ආමර් යමීන් 37/2)
 

බෙංගාල් ටයිගර්ස් පිල - ඕවර 9.2 කදි කඩුලු 4 කට 118
(ටොම් කොලර්-කැඞ්මෝ 28, කැමරන් ඩෙල්පොට් 12, ජොන්සන් චාල්ස් 36, ඬේවිඞ් මිලර් 25, අන්වර් අලී නොදැවී 12, කසුන් මධුෂංක 21/2) 

-036


අදහස් (0)

කලම්බෝ ලයන්ස් අන්තිමයා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.