Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ලකුණු 71 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අර්ධ ශතකයක් (70) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ කමිල් මිශාර ලකුණු 21 කට කඩුලු 4 ක් ද දවාගනිමින් කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීය.
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 257
(කමිල් මිශාර 70, ඉසිවර දිසානායක 47, ප්‍රසාන් කල්හාර 36, අහන් වික්‍රමසිංහ 32, ටිතිර වීරසිංහ 22, තෙවිඳු සේනාරත්න 21, දේශාන් සිල්වා 56/3, නිර්මාල් රොඞ්රිගූ 36/2)
මාරිස්ටෙලා විදුහල - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී 186
(අමන්ත පෙරේරා 46, පසිඳු පෙරේරා නොදැවී 25, ප්‍රමෝද් ප්‍රනාන්දු 25, තරිඳු මදුවන්ත 23, සහන් හෙට්ටිආරච්චී 20, කමිල් මිශාර 21/4, ළහිරු මදුශංක 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.