Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට ලකුණු 367 ක ඉලක්කයක්
සිංහ - කැන්ගරු සටන

ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට ලකුණු 367 ක ඉලක්කයක්

editorial - 2022 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

නිපුන් ධනංජය (77) සහ සහන් ආරච්චිගේගේ (58) අර්ධ ශතක සමගින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (23 වැනිදා) ශ්‍රී ලංකා ‘ඒ’ පිලට සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 290 ක් පමණි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට වඩා ලකුණු 366 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලට හැකි විය.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද අර්ධ ශතක ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට නිපුන් ධනංජය සහ සහන් ආරච්චිගේ සමත්වූහ.

පන්දු 130 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි නිපුන් ධනංජය හතරේ පදූර 2 ක් සමගින් ලකුණු 77 ක් ලබාගත් අතර සහන් ආරච්චිගේ පන්දු 120 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 58 ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 15 ක් ලබාසිටියදී ආබාධයකට ලක්වූ සහන් ආරච්චිගේට පිටියෙන් ඉවත් වීමට සිදුවූ නමුත් ලක්ෂිත මනසිංහගේ දැවී යාමෙන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා ඔහු නැවත පිටියට පිවිසියේය.

දෙවැනි ඉනිමේ කඩුලු 6 ක් ලකුණු 99 ක් තුළ දැවී ගියද පසු පෙළ පිතිකරුවන්ගේ පිතිහරඹයන් හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු සංඛ්‍යාව 300 ආසන්නයට ගෙන යාමට හැකි විය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 48 ක්, සදීර සමරවික්‍රම ලකුණු 20 ක්, ලක්ෂිත මනසිංහ ලකුණු 25 ක් සහ සුමින්ද ලක්ෂාන් නොදැවී ලකුණු 30 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

ස්කෝට් බෝලන්ඞ් සහ තන්වීර් සංඝා කඩුලු 3 බැගින්ද, මාක් ස්ටෙකෙටී සහ ජෝන් හෝලන්ඞ් කඩුලු 2 බැගින් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 367 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ‘ඒ’ පිල තෙවැනි දිනය වූ අද (23 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 37 කට එක් කඩුල්ලක් අහිමි කරගෙන තිබුණි. ඒ අනුව තරගයේ අවසන් දිනය වූ හෙට (24 වැනිදා) දිනයේදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 330 ක් ඕස්ට්‍රේලියා ‘ඒ’ පිල ලබාගත යුතුව ඇත.

මාකස් හැරිස් ලකුණු 11 ක් සහ හෙන්රි හන්ට් ලකුණු 20 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 30 ක සම්බන්ධතාවක් ද ගොඩනඟා තිබුණි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 330
(ළහිරු උදාර 63, නුවනිඳු ප්‍රනාන්දු 32, සදීර සමරවික්‍රම 29, නිපුන් ධනංජය 92, සහන් ආරච්චිගේ 61, ස්කොට් බෝලන්ඞ් 38/4, මාක් ස්ටෙකෙටී 69/4)

ඕස්ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 254
(මැතිව් රේන්ෂෝ 35, මාකස් හැරිස් 39, හෙන්රි හන්ට් 28, ජිමී පෙයාර්සන් නොදැවී 67, ඒරන් හාඩී 24, ලක්ෂිත මනසිංහ 82/5, දිල්ශාන් මදුශංක 43/3, සුමින්ද ලක්ෂාන් 67/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 290
(කමිඳු මෙන්ඩිස් 48, සදීර සමරවික්‍රම 20, නිපුන් ධනංජය 77, සහන් ආරච්චිගේ 58, ලක්ෂිත මනසිංහ 25, සුමින්ද ලක්ෂාන් නොදැවී 30, ස්කෝට් බෝලන්ඞ් 51/3, තන්වීර් සංඝා 53/3, මාක් ස්ටෙකෙටී 55/2, ජෝන් හෝලන්ඞ් 85/2)

ඕස්ට්‍රේලියා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 37
(හෙන්රි හන්ට් නොදැවී 20)


අදහස් (0)

ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට ලකුණු 367 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.