Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියා ඉනිමට ලක්ෂිත හරස්වෙයි
සිංහ - කැන්ගරු සටන

ඕස්ට්‍රේලියා ඉනිමට ලක්ෂිත හරස්වෙයි

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ලක්ෂිත මනසිංහ (82/5) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට සිය පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 254 ක් පමණි.

 ඕස්ට්‍රේලියානු ‘ඒ‘ ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි ජිමී පෙයාර්සන් පන්දු 112 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් ලබාගැනීමට සමත්විය.

මාකස් හැරිස් ලකුණු 39 ක්, මැතිව් රේන්ෂෝ ලකුණු 35 ක් සහ ඒරන් හාඩී ලකුණු 24 ක් ලබාගත්තද ඔවුන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දඟපන්දුවෙන් දස්කම් දැක්වූ ලක්ෂිත මනසිංහ ලකුණු 82 කට කඩුලු 5 ක් දවාගන්නා විට දිල්ශාන් මදුශංක කඩුලු 3 ක් සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

ලකුණු 76 ක වාසියක් රඳවා ගනිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනය නිමාවනවිට ලකුණු 27 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියේය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 14 ක් සහ මොහොමඩ් ශිරාස් එක් ලකුණක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

පළමු දිනට (21 වැනිදා) තරගය අවසන් කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 330 ක් රැස්කර ගෙන සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද උදෑසන ඉනිම අත්හිටුවා ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.


ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 330
(ළහිරු උදාර 63, නුවනිඳු ප්‍රනාන්දු 32, සදීර සමරවික්‍රම 29, නිපුන් ධනංජය 92, සහන් ආරච්චිගේ 61, ස්කොට් බෝලන්ඩ් 38/4, මාක් ස්ටෙකෙටී 69/4)

ඕස්ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 254
(මැතිව් රේන්ෂෝ 35, මාකස් හැරිස් 39, හෙන්රි හන්ට් 28, ජිමී පෙයාර්සන් නොදැවී 67, ඒරන් හාඩී 24, ලක්ෂිත මනසිංහ 82/5, දිල්ශාන් මදුශංක 43/3, සුමින්ද ලක්ෂාන් 67/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 27


අදහස් (0)

ඕස්ට්‍රේලියා ඉනිමට ලක්ෂිත හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.