අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ මූලික වටයේ තරග අවසාන වනවිට හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන ඕෂධ ප්‍රනාන්දු තරග හයකට සහභාගීවී ලකුණු 610 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත. ඕෂධ ප්‍රනාන්දු මෙවර තරගාවලියේදී ශතක දෙකක් සහ අර්ධ ශතක 3 ක් රැස්කර ඇති අතර යුදහමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 196 රැස්කරගත් ඔහු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 202) ලබාගත් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේය.
මූලික වටයේ තරග හයකට සහභාගීවී කඩුලු 44 ක් බිද හෙළමින් මේ වනවිට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයා බවට පත්වන්නට වමතින් දඟපන්දු යවන හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇත. ඉනිම පහකදී කඩුලු 5 බැගින් දවාගත් පුෂ්පකුමාර කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදී දවාගෙන ඇත.
මාලින්ද පුෂ්පකුමාරට අභියෝගයක් වෙමින් ඔහු පසුපසින්ම පැමිණෙන වරාය අධිකාරිය කණ්ඩායමේ චානක කොමසාරූ සහ එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය තරග හයකදී කඩුලු 40 බැගින් දවාගැනීමට සමත් වූහ.
තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම එන්.සී.සී. පිලට එරෙහිව වාර්තා කිරීමට යුදහමුදා පිල නියෝජනය කරමින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති (108/9) සමත්වී තිබේ. වනිඳු හසරංග (සී.සී.සී.) සහ සඳකැන් පතිරණ (මූවර්ස්) කඩුලු අට බැගින් දවාගැනීමට සමත්ව සිටිති.
තරගයක හොදම පන්දු යැවීම බදුරලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන චානක කොමසාරූ (73/12) සමත්වී ඇත. කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය සහ මූවර්ස් කණ්ඩායමේ සඳකැන් පතිරණ කඩුලු 11 බැගින් දවාගනිමින් තරගයක හොඳම පන්දු යැවීම් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවන්නේය.
මේ වනවිට තරගාවලියේදී ද්විත්ව ශතක රැස්කිරීමට කෞෂාල් සිල්වා (එස්.එස්.සී) සහ සංගීත් කුරේ (කෝල්ට්ස්) සමත්වී ඇති අතර මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය) සහ දිමුත් කරුණාරත්න (එස්.එස්.සී) ශතක තුන බැගින්ද ප්‍රිමෝෂ් පෙරේරා (මූවර්ස්), ඕෂධ ප්‍රනාන්දු සහ සචිත්‍ර සේරසිංහ (හලාවත මේරියන්ස්), චාමර සිල්වා (මූවර්ස්), ළහිරු මිලන්ත (රාගම) කෞෂාල් සිල්වා (එස්.එස්.සී) සහ රුමේෂ් බුද්ධික (බී.ආර්.සී) ශතක දෙක බැගින් රැස්කරමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වති.
නිමාවු සති අන්තයේ පැවැති තරග වලදී අශේන් සිල්වා සහ සචිත්‍ර සේරසිංහ (හලාවත මේරියන්ස්), රොෂේන් සිල්වා (රාගම), රුමේෂ් බුද්ධික (බී.ආර්.සී.), ලක්ෂිත මදුශාන් (යුදහමුදාව), හර්ෂ කුරේ (සැරසන්ස්), අශාන් ප්‍රියංජන් (සී.සී.සී), දිමුත් කරුණාරත්න සහ කෞශාල් සිල්වා (එස්.එස්.සී) ශතක රැස්කළ පිතිකරුවෝ වූහ.
රාගම පිලේ ළහිරු මිලන්ත (92) සහ සී.සී.සී පිලේ කවීන් බණ්ඩාර (92) අවසන්වූ සති අන්තයේදී ශතකය පෙනි පෙනී දැවී ගිය අවාසනාවන්ත පිතිකරුවෝ වූහ.
අසිත ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), දුශාන් විමුක්ති (යුදහමුදාව) මෙම සති අන්තයේ පැවැති තරග වලදී කඩුලු 5 බැගින් දවාගත් පන්දු යවන්නෝ වෙති.
2018/1/21 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.
| තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ දසදෙනා | ||||||
| ලකුණු | ක්‍රීඩකයා | කණ්ඩායම | තරග | වැ.ල | 100 | 50 |
| 610 | ඕෂධ ප්‍රනාන්දු | හලාවත මේරියන්ස් | 6 | 196 | 2 | 3 |
| 590 | සචිත්‍ර සේරසිංහ | හලාවත මේරියන්ස් | 6 | 145 | 2 | 5 |
| 577 | දිමුත් කරුණාරත්න | එස්.එස්.සී | 5 | 143 | 3 | 2 |
| 553 | මනෝජ් සරත්චන්ද්‍ර | ද්‍රවිඩ සංගමය | 6 | 119* | 3 | 1 |
| 522 | සංගීත් කුරේ | කෝල්ට්ස් | 6 | 200 | 1 | 2 |
| 507 | ළහිරු මිලන්ත | රාගම | 6 | 150* | 2 | 2 |
| 496 | කෞෂාල් සිල්වා | එස්.එස්.සී | 6 | 202* | 2 | 0 |
| 464 | චාමර සිල්වා | මූවර්ස් | 6 | 134 | 2 | 2 |
| 445 | ජීවන් මෙන්ඩිස් | ද්‍රවිඩ සංගමය | 6 | 100* | 1 | 3 |
| 434 | රුමේෂ් බුද්ධික | බී.ආර්.සී | 6 | 123 | 2 | 2 |
| ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ (ලකුණු 150 ට වැඩි) | ||||
| ලකුණු | ක්‍රීඩකයා | කණ්ඩායම | ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය |
| 202* | කෞෂාල් සිල්වා | එස්.එස්.සී. | බ්ලූම්ෆීල්ඩ් | බ්ලූම්ෆීල්ඩ් |
| 200 | සංගීත් කුරේ | කෝල්ට්ස් | මූවර්ස් | මූවර්ස් |
| 196 | ඕෂධ ප්‍රනාන්දු | හලාවත මේරියන්ස් | යුදහමුදාව | කටුනායක |
| 177 | කුසල් මෙන්ඩිස් | සී.සි.සී | මූවර්ස් | සී.සි.සී |
| 168* | හෂාන් දුමිඳු | කෝල්ට්ස් | බ්ලූම්ෆීල්ඩ් | කෝල්ට්ස් |
| 168 | සචිත් පතිරණ | සී.සි.සී | බ්ලූම්ෆීල්ඩ් | බ්ලූම්ෆීල්ඩ් |
| 166* | ළහිරු තිරිමාන්න | රාගම | සී.සී.සී. | සී.සි.සී |
| 152* | සුරාජ් රංදීව් | බී.ආර්.සී. | ද්‍රවිඩ සංගමය | පී.සරවණමුත්තු |
| 152 | ඇන්ඩි සොලමන් | සැරසන්ස් | මූවර්ස් | මූවර්ස් |
| 151* | ලක්ෂිත මදුෂාන් | යුදහමුදාව | බී.ආර්.සී | බී.ආර්.සී |
| 150* | ළහිරු මිලන්ත | රාගම | මූවර්ස් | මූවර්ස් |
| තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නෝ (කඩුලු 30 ට වැඩි) | |||||
| කඩුලු | ක්‍රීඩකයා | කණ්ඩායම | තරග | ඉ.හො.ප | ත.හො.ප |
| 44 | මාලින්ද පුෂ්පකුමාර | හලාවත මේරියන්ස් | 5 | 56/5 | 153/10 |
| 40 | චානක කොමසාරූ | වරාය අධිකාරිය | 5 | 49/7 | 73/12 |
| 40 | ලසිත් ඇඹුල්දෙණිය | එන්.සී.සී. | 5 | 59/6 | 123/10 |
| 35 | අලංකාර අසංක | බදුරලිය | 5 | 79/7 | 168/8 |
| 32 | සචිත්‍ර සේනානායක | එස්.එස්.සී. | 4 | 82/7 | 161/9 |
| 32 | ප්‍රභාත් ජයසූරිය | කෝල්ට් | 6 | 26/7 | 82/11 |
| 32 | තරිඳු රත්නායක | මූවර්ස් | 6 | 71/5 | 255/9 |
| ඉනිමක හොදම පන්දු යැවීම (කඩුලු 7 ට වැඩි) | |||
| කඩුලු | ක්‍රීඩකයා | කණ්ඩායම | ප්‍රතිවාදීන් |
| 9 | දුශාන් විමුක්ති | යුදහමුදාව | එන්.සී.සී |
| 8 | වනිඳු හසරංග | සී.සී.සී. | කෝල්ට්ස් |
| 8 | සඳකැන් පතිරණ | මූවර්ස් | කෝල්ට්ස් |
| 7 | ප්‍රභාත් ජයසූරිය | කෝල්ට්ස් | බ්ලූම්ෆීල්ඩ් |
| 7 | චානක කොමසාරූ | වරාය අධිකාරිය | එන්.සී.සී |
| 7 | අලංකාර අසංක | බදුරලිය | වරාය අධිකාරිය |
| 7 | සචිත්‍ර සේනානායක | එස්.එස්.සී. | බ්ලූම්ෆීල්ඩ් |
| තරගයක හොදම පන්දු යැවීම (කඩුලු 9 ට වැඩි) | |||
| කඩුලු | ක්‍රීඩකයා | කණ්ඩායම | ප්‍රතිවාදීන් |
| 12 | චානක කොමසාරූ | වරාය අධිකාරිය | බදුරලිය |
| 11 | ප්‍රභාත් ජයසූරිය | කෝල්ට්ස් | බ්ලූම්ෆීල්ඩ් |
| 11 | සඳකැන් පතිරණ | මූවර්ස් | කෝල්ට්ස් |
| 10 | දිනුක් වික්‍රමණායක | ද්‍රවිඩ සංගමය | වරාය අධිකාරිය |
| 10 | ලසිත් ඇඹුල්දෙණිය | එන්.සී.සී. | හලාවත මේරියන්ස් |
| 10 | චානක කොමසාරූ | වරාය අධිකාරිය | එන්.සී.සී |
| 10 | ලසිත් ඇඹුල්දෙණිය | එන්.සී.සී. | බී.ආර්.සී. |
| 10 | මාලින්ද පුෂ්පකුමාර | හලාවත මේරියන්ස් | බී.ආර්.සී. |
| 10 | දුශාන් විමුක්ති | යුදහමුදාව | එන්.සී.සී |
| 9 | මාලින්ද පුෂ්පකුමාර | හලාවත මේරියන්ස් | යුදහමුදාව |
| 9 | සචිත්‍ර සේනානායක | එස්.එස්.සී. | බ්ලූම්ෆීල්ඩ් |
| 9 | සහන් නානායක්කාර | රාගම | සී.සී.සී. |
| 9 | තරිඳු රත්නායක | මූවර්ස් | එස්.එස්.සී |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.