අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 4 ක් දැවී ලකුණු 418 ක් රැස්කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්විය.
ඕෂධ ප්‍රනාන්දු සහ ශෙහාන් ජයසූරිය එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 181 ක සම්බන්ධතාවයක් පැවත්වමින් හලාවත මේරියන්ස් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
පන්දු 248 කට මුහුණ දෙමින් හයේ පහර පහක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 181 ක් රැස්කරමින් ඕෂධ ප්‍රනාන්දු කඩුල්ලේ රැඳී සිටින අතර ශෙහාන් ජයසූරිය පන්දු 108 කදී හතරේ පහර 21 ක් සමගින් ලකුණු 118 ක් රැස් කළේය.
තවත් තරග 4 ක් බ්ලූම්ෆීල්ඞ්, එස්.එස්.සී., මග්ගොන සරේ සහ පී.සරා ඕවල් ක්‍රීඩාංගණ වලදී අද ආරම්භවූ අතර පළමු දිනයේදී නොදැවී ශතක රැස්කිරීමට මදුක ලියනපතිරණගේ (වරාය අධිකාරිය) සහ තරංග පරණවිතාන (ද්‍රවිඩ සංගමය) සමත්වූහ.
බදුරලිය කණ්ඩායමේ අලංකාර අසංක ලකුණු 71 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් 418/4
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 418
(ශෙහාන් ජයසූරිය 118, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 181, සචිත්‍ර සේරසිංහ 65, රිසිත් උපමාල් 41, ජනිත් ද සිල්වා 59/2)
බ්ලූම්ෆීල්ඞ් සහ මුවර්ස් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් 163, බ්ලූම්ෆීල්ඞ් 132/4
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(ප්‍රීමෝෂ් පෙරේරා 20, ශානුක දුලාජ් 39, තරිඳු රත්නායක 36, ළහිරු සමරකෝන් 56/4, ඉම්රාන් ඛාන් 13/2, රමේෂ් මෙන්ඩිස් 73/2)
බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 43.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 132
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, සචින් ජයවර්ධන නොදැවී 38, තරිඳු රත්නායක 55/2)
එස්.එස්.සී. සහ සී.සී.සී. කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. - 314, එස්.එස්.සී. 28/0
සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 80.5 කදී සියලුදෙනා දැවී ලකුණු 314
(කවීන් බණ්ඩාර 53, අශාන් ප්‍රියංජන් 84, මාධව වර්ණපුර නොදැවී 79, ලසිත් අබේරත්න 43, අක්තාබ් කාදර් 45/3, කසුන් මදුෂංක 33/2, සචිත්‍ර සේනානායක 88/2)
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 7 කදී කිසිවකු නෙදැවී ලකුණු 28
(දිමුත් කරුණාරත්න නොදැවී 24)
බදුරලිය සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය 328/8
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 85 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 328
(ගයාන් මනීෂාන් 20, යශෝධ ලංකා 20, ගිහාන් රූපසිංහ 48, ප්‍රශාන් වික්‍රමසිංහ 88, මදුක ලියනපතිරණගේ නොදැවී 101, අදීල් මලික් 25, අලංකාර අසංක 71/6, නිමන්ද සුභසිංහ 55/2)
ද්‍රවිඩ සංගමය සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය 288/6
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 288
(තරංග පරණවිතාන නොදැවී 114, දිනෙත් තිමෝද්‍ය 57, ශාලික කරුණානායක 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, විකුම් සංජය 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.