ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයකු වන ස්ටීව් වෝගේ පුත් ඔස්ටින් වෝ, ලබන වසරේ ජනවාරි මාසයේ නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්ව සිටියි.
මේ වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගාවලියේදී ඔස්ටින් වෝ පළමු වරට ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළේය.
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සංචිතයේ නායකයා ලෙස ජේසන් සන්හා කටයුතු කරන අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් මහතාගේ පුත් විල් සදර්ලන්ඞ් එහි උප නායකයා ලෙස කටයුතු කරනු ඇත.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයකු වන රයන් හැරිස් ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, හිටපු මැද පෙළ පිතිකරු ක්‍රිස් රොජර්ස් එහි සහායක පුහුණුකරු ලෙසත් කටයුතු කිරීමට නියමිතය.
ඕස්ට්‍රේලියාව ‘බී’ කාණ්ඩය යටතේ මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින අතර ‘බී’ කාණ්ඩයට අයත් සෙසු රටවල් වන්නේ ඉන්දියාව, සිම්බාබ්බේ සහ පැපුවා නිව්ගිනියාවයි.
ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ සංචිතය
ජේසන් සන්හා (නායක), විල් සදර්ලන්ඞ් (උප නායක), ක්ෂේවියර් බාර්ට්ලට්, මැක්ස් බ්‍රයන්ට්, ජැක් එඞ්වඞ්ස්, සැක් එවන්ස්, ජෙරඞ් ෆ්‍රීමන්, රයන් හැඞ්ලි, බැක්ස්ටර් හෝල්ට්, නේතන් මැක්ස්වීනි, ජොනතන් මෙර්ලෝ, ලොයිඞ් පෝප්, ජේසන් රැල්ස්ටන්, පරම් උපාල් සහ ඔස්ටින් වෝ
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.