Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයන් වන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර ධර්මසේන යන මහත්වරුන්ට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී සේවය ලබාදෙන ලෙස ආරාධනා කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. තරගාවලිය අධීක්‍ෂණයට කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සහභාගි වන බව ද එම නිලධාරියා පැවසීය.
“සමස්ත ලෝකයම ‘කොවිඞ් 19’ වයිරස් අවදානමෙන් දැඩි භීතියට පත්ව සිටීම නිසා ජාත්‍යන්තර විනිසුරුවන් සහභාගි කිරීමේ හැකියාවක් නෑ. අයි.සී.සී. තරග තීරක මඩුල්ලේ ප්‍රධානියා වන මඩුගල්ල සහ ජාත්‍යන්තර විනිසුරු ධර්මසේන යන මහත්වරුන්ට මෙම තරගාවලියේදී සේවය දෙන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් පිටිය තුළ වඩාත් කාර්යබහුල නිලධාරීන් දෙදෙනකු වන රන්ජන් මඩුගල්ල සහ කුමාර ධර්මසේන යන මහත්වරු මේ වන විට ශ්‍රී ලංකාවේ සිටිති.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මඩුගල්ල මහතා ටෙස්ට් තරග 187 ක, එක්දින ජාත්‍යන්තර තරග 341 ක සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 94 ක තරග තීරකවරයා ලෙස කටයුතු කර ඇති අතර වැඩිම ටෙස්ට් සහ එක්දින තරග සංඛ්‍යාවක තීරකවරයා ලෙස කටයුතු කිරීමේ වාර්තාව ද ඒ මහතා සතු වේ.
වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ අත්දැකීම් වැඩිම විනිසුරුවකු වන ධර්මසේන මහතා 2012 සහ 2018 වසරවලදී අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස ද සම්මාන ලැබීය.
එල්.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලාංකික විනිසුරුවන් දසදෙනකු කටයුතු කරන අතර එයට ජාත්‍යන්තර විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ, ප්‍රගීත් රඹුක්වැල්ල, රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරු ඇතුළත් වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.