Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. වෙන්දේසිය 21 දා

එල්.පී.එල්. වෙන්දේසිය 21 දා

editorial - 2024 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එල්.පී.එල් තරගාවලියේ පස්වැනි අදියර සඳහා ක්‍රීඩකයන් වෙන්දේසිය මේ මස 21 වැනිදා මධ්‍යාහ්න 12.00 සිට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 600 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටින නමුත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්‍ෂා කරන මට්ටමේ නොමැති බවද වාර්තාවේ. 

“ක්‍රීඩකයන් මෙච්චර හිටියට, කණ්ඩායම් 5 වෙනුවෙන් අපිට ඕනේ විදේශීය ක්‍රීඩකයන් 30 ක විතර ප්‍රමාණයක්. ඒ හින්දා ක්‍රීඩකයන් වෙන්දේසියට කලින්, සුදුසුකම් බලලා, අපි මේ සංඛ්‍යාව 200 කට විතර අඩුකරනවා” යයි එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ සමන්ත දොඩන්වල මහතා පැවසීය. 

එල්.පී.එල්. තරගාවලිය සඳහා  කණ්ඩායම් 5 ක් සහභාගි වන අතර එක කණ්ඩායමකට, උපරිම වශයෙන්, විදේශීය ක්‍රීඩකයන් හය දෙනකු මිලදී ගත හැකිය. එහෙත් එක තරගයක් සඳහා උපරිම වශයෙන් යොදාගත හැක්කේ විදේශීය ක්‍රීඩකයන් සිව් දෙනකු පමණි. සෙසු ක්‍රීඩකයන් හත් දෙනාම ශ්‍රී ලාංකිකයන් විය යුතු අතර ඔවුන් අතුරින් අයෙක් අනිවාර්යයෙන්ම වයස 23 න් පහළ ක්‍රීඩකයකු විය යුතු යයි කොන්දේසියක් ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායම් හිමිකරුවන්ට පනවනු ලැබ තිබේ. 

එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙයි.


අදහස් (0)

එල්.පී.එල්. වෙන්දේසිය 21 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.