Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලිය අද සිට

එක්දින තරගාවලිය අද සිට

editorial - 2023 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 2023 දේශීය ක්‍රිකට් තරගවාරයේ අවසන් තරගාවලිය වන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය අද (13 වැනිදා) ආරම්භ වෙයි. කණ්ඩායම් 22 ක් සහභාගි වන මෙම තරගාවලියේ මූලික වටය ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් කාණ්ඩ දෙකකින් පැවැත්වෙයි. එක කාණ්ඩයක් සඳහා වන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 11 කි. 

අලුතෙන් පත්කරන ලද ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනකු වන උපුල් තරංග (එන්.සී.සී.), ඩිල්රුවන් පෙරේරා (බී.ආර්.සී.) සහ ඉන්දික ද සේරම් (පානදුර) තිදෙනාම මෙම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලියාපදිංචි වී සිටින නමුත් තේරීම් කමිටු සාමාජිකයන් වශයෙන් සිටින බැවින් ඔවුන් මෙම තරගාවලියට සහභාගි වන්නේද නැද්ද යන්න තවමත් ස්ථිර කර නැත. ඒ සම්බන්ධයෙන් තරගාවලි කමිටුවෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු කියා සිටියේ ඔවුන් තිදෙනාගෙන් කවරකු හෝ මෙම තරගාවලියට සහභාගි වීම අනුමත කළ නොහැකි බවයි. 

දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් කල් දමමින් පැවැති මෙම තරගාවලියේ මූලික තරග ජනවාරි මස 10 වැනිදා දක්වා පැවැත්වෙයි. 

ජනවාරි මස 13 වැනිදා අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර අවසන් මහ තරගය ජනවාරි 16 වැනිදා පැවැත්වීමට නියමිතය. 


‘ඒ’ කාණ්ඩය
ද්‍රවිඩ සංගමය, සී.සී.සී., මුවර්ස්, කෝල්ට්ස්, රාගම, පොලිසිය, සෙබස්තියනයිට්ස්, ගුවන් හමුදාව, ගාල්ල, මීගමුව සහ කුරුණෑගල ක්‍රිකට් සමාජ.

‘බී’ කාණ්ඩය 
යුද හමුදාව, ඒස් කැපටල්, එස්.එස්.සී, බී.ආර්.සී, හලාවත, එන්.සී.සී, පානදුර, කැන්ඩි කස්ටම්ස්, බ්ලූම්ෆීල්ඞ්, බදුරළිය සහ නුගේගොඩ ක්‍රිකට් සමාජ.


අදහස් (0)

එක්දින තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.