Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය ලෝක වාර්තාව අලුත් කරයි

එංගලන්තය ලෝක වාර්තාව අලුත් කරයි

editorial - 2022 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නෙදර්ලන්තයට එරෙහිව ඇම්ස්ටෙල්වීන්හිදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 498 ක් රැස්කරමින් එක්දින තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට  එංගලන්තය අද (17 වැනිදා) සමත් විය.

2016 වසරේ නොටිංහැම්හිදී පාකිස්තානයට එරෙහිව කඩුලු 3 කට ලකුණු 444 ක් රැස්කරමින් පළමු වරට මෙම ලෝක වාර්තාව පිහිටවූ එංගලන්තය, 2018 වසරේ නොටිංහැම්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6 කට ලකුණු 486 ක් රැස්කරමින් පළමු වරට එම වාර්තාව අලුත් කළේය.

මෙම තරගයේදී එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල එක් ලකුණක් තුළ බිඳවැටුණද, පිල් සෝල්ට් (122) සහ ඩේවිඩ මලාන් (125) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 170 කදී ලකුණු 222 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට සිය කණ්ඩායමට අවස්ථාව උදාකර දුන්හ.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ජොස් බට්ලර්, ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 70 කදී හයේ පහර 14 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත් විය. එහිදී ඩේවිඩ් මලාන් සමග එකව තෙවැනි කඩුල්ලට ලකුණු 184 ක් එක්කළ  බට්ලර්, ඉන් නොනැවතී ලයෑම් ලිවිංග්ස්ටන් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 91 ක්ද එක්⁣ කළේය.

පන්දු 93 කදී වාර්තා වූ සෝල්ට්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 14 කින්ද, ⁣පන්දු 109 කින් වාර්තා වූ මලාන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින්ද සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 22 කට මුහුණදුන් ලිවිංග්ස්ටන්ගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.  

 

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 4 කට 498
(පිල් සෝල්ට් 122, ඩේවිඩ් මලාන් 125, ජොස් බට්ලර් නොදැවී 162, ලයෑම් ලිවිංග්ස්ටන් නොදැවී 66, පීටර් සීලර් 83/2)

-036

 


අදහස් (1)

එංගලන්තය ලෝක වාර්තාව අලුත් කරයි
  • saman sigera Sunday, 19 June 2022 10:31 AM

    එහෙනම් ලංකාව තිබ්බේ වාර්තාවක් නෙමෙයිද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.