Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 378 ක ඉලක්කයක් හඹා යයි
එජ්බැස්ටන් ටෙස්ට් තරගය

එංගලන්තය 378 ක ඉලක්කයක් හඹා යයි

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියානු දෙවැනි ඉනිම ලකුණු 245 කට නවතාගත් එංගලන්තය එජ්බැස්ටන් ටෙස්ට් තරගයේදී ලකුණු 378 ක ඉලක්කයක් හඹා යමින්  සිටී. තරගයේ සිව්වැනි දිනය වන අද (4 වැනිදා) තේ පානය වන විට, සිය ඉලක්කය හඹායාම සඳහා ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම, දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 107 ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් (නොදැවී 56) සහ සැක් ක්‍රෝලි (46) ශතක  සම්බන්ධතාවකින් ඉනිම ආරම්භ කළහ. ඔලී පෝප් (නොදැවී 00) පිටියේ රැඳී සිටි අනෙක් පිතිකරුවා විය.

බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්තයේ පුහුණුකරුවා වීමත්, බෙන් ස්ටෝක්ස් ටෙස්ට් නායකත්වය බාරගැනීමටත් පසුව එංගලන්ත ටෙස්ට් පිල ආරම්භ කළේ බෙහෙවින් ආක්‍රමණශීලී තරග රටාවකි. එය දිගටම පවත්වාගනිමින්, ඇලෙක්ස් ලීස් සහ ක්‍රෝලි දෙදෙනා, ඕවර 20 කදී ශතක සම්බන්ධතාව සම්පූර්ණ කළහ. ලීස්ගේ අර්ධ ශතකය පැමිණියේ පන්දු 44 කිනි.  
කෙසේ වෙතත් ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් නිදැල්ලේ යාමට ඉඩහළ සැක් ක්‍රෝලි තම කඩුල්ල අහිමි කරගත්තේය. බුම්රාගේ පන්දුව, ක්‍රෝලි අපේක්‍ෂා නොකළ ආකාරයෙන් කඩුල්ලට කඩා වැදිණ.

ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියද, බෙන් ස්ටෝක්ස්ගේ (33/4) පන්දු යැවීම හේතුවෙන් අවසන් කඩුලු හයම ලකුණු 64 කදී බිඳ වැටිණ.

එංගලන්තය සහ ඉන්දියාව අතර පසුගිය වසරේදී ආරම්භ වූ තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 4 ක් අවසන් වන විට ඉන්දීය කණ්ඩායම 2-1 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූයේය. එහෙත් පස්වැනි තරගය ආරම්භ වීමටපෙර ඉන්දීය ක්‍රීඩකයන්ට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් තරගාවලිය අතර මග නතර කරන ලදි.

එයින් මාස කිහිපයකට පසුව තරගාවලියේ අවසන් තරගය මේ දිනවල එංගලන්තයේ බර්මින්හැම් නුවර, එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියටත් ඇතුළත් වන මෙම තරගාවලිය පරාජය නොවී සිටීමට නම්, එංගලන්ත කණ්ඩායම මෙම තරගය ජයගත යුතුව තිබේ.


ඉන්දියාව - පළමු ඉනිම 416 යි
එංගලන්තය - පළමු ඉනිම 284 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම 254 යි

(චෙටේස්වාර් පුජාරා 66, හනුමා විහාරි 11, විරාට් කෝලි 20, රිෂාබ් පාන්ට් 57, ශ්‍රෙයාස් අයියර් 19, රවීන්ද්‍ර ජදේජා 23, මොහොමඩ් ශාමි 13, ස්ටුවර්ට් බ්‍රෝඩ් 58/2, මැතිව් පොට්ස් 50/2, බෙන් ස්ටෝක්ස් 33/4)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 107 යි
(ඇලෙක්ස් ලීස් නොදැවී 56, සැක් ක්‍රෝලි 46)

-213

 


අදහස් (0)

එංගලන්තය 378 ක ඉලක්කයක් හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.