Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඌව මහ රන් සටන 23 - 24 සූරියවැවදී

ඌව මහ රන් සටන 23 - 24 සූරියවැවදී

editorial - 2023 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බණ්ඩාරවෙල සාන්ත ජෝශප් විදුහල සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 18 වැනි ‘ඌව මහ රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මෙම මස 23 සහ 24 දෙදින සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සාන්ත ජෝශප් විදුහලේ ආදි සිසු සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙවර තරගයේදී සාන්ත ජෝශප් විදුහල් කණ්ඩායමේ නායකත්වයට පසුගිය වසරේ තරගයේ දක්ෂතම පිතිකරු වූ යසිරු රුවන්ත පත් කර ඇති අතර උප නායකයා ලෙස සිතිජ චමිඳු කටයුතු කරයි.

බණ්ඩාවෙල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස යෂිත හේෂාන් වීරසිංහ කටයුතු කරන අතර විරාජ් බුද්ධික උප නායකයා ලෙස පත් කර තිබේ.

ශාන්ත ජෝශප් විදුහල් පිල අවස්ථා තුනකදී ‘ඌව මහ රන් සටන’ ජයගැනීමට සමත්ව ඇති අතර බණ්ඩාවෙල මධ්‍ය මහා විද්‍යාලය අවස්ථා දෙකකදී ජයග්‍රහණ අත්කරගෙන ඇත.

 


බණ්ඩාරවෙල සාන්ත ජෝශප් විදුහල් පිල
ඉදිරිපෙළ (වමේ සිට) - යසිරු රුවන්ත (නායක), චන්දන බණ්ඩාර මහතා (පුහුණුකරු), කපිල වීරසේකර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ආර්.එම්.ලක්සිරි ජයන්ත රණසිංහ මහතා (විදුහල්පති), ආර්.බී.ඩී.ඒ. සුමතිපාල මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), සිතිජ චමිඳු (උප නායක)
පසුපෙළ (වමේ සිට) - මල්ෂ ගිම්හාන්, හේසර දුලාජ්, තේමිය ශෙහෙරන්, සචින් දිලංක, තරිඳු ක්‍රිෂාන්, චමිඳු ජිනේන්ද්‍ර, සහන් හංසක, අකිල සෞම්‍ය, දසුන් උදයංග, තරූෂ නිර්මාල්, සරිත් මලින්ද, විභූති රුවන්, ඕෂද දේවින්ද, පමෝද් මධුභාෂිත, නිෂාන් ප්‍රමෝද්

 


බණ්ඩාවෙල මධ්‍ය මහා විදුහල් පිල
පළමුපෙළ (වමේ සිට) - යෂිත හේෂාන් වීරසිංහ (නායක), වයි.එම්. අමිත් චතුරංග යාපා මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ජී.ඩී. සරත් බන්දු ගුණසේකර මහතා (විදුහල්පති), ආර්.එම්. ශාන්ත බණ්ඩාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ඉනූෂ ද සිල්වා මහතා (පුහුණුකරු), විරාජ් බුද්ධික (උපනායක)
පසුපෙළ (වමේ සිට) - උදිත ආකල්ප විජේසුන්දර, ලසඳු නිම්සිත්, පද්මික කැලුම් අබේසිංහ, හරිත සිහිලැල් නිම්සර, සෙනෙර දිලිප්, ගිම්හාන කේසර වීරසිංහ, විහඟ දිල්මින්, උසාර මන්තිසු අත්නායක, ටී.සජීවනාත්, චතුම් ලක්ප්‍රිය විජේසුන්දර, සහන් චාමිකර, පබසර මලිඳු බණ්ඩාර, සචින්ත විරාජ්, චනුල් චිරතම ගුණසේකර රූසර තම්මිට
 
-036


අදහස් (0)

ඌව මහ රන් සටන 23 - 24 සූරියවැවදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.