Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උප නායකත්වය ඇන්ඩසන්ට

උප නායකත්වය ඇන්ඩසන්ට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර අළු බඳුන තරගාවලියට සහභාගි වන එංගලන්ත කණ්ඩායමේ උප නායකත්වය සඳහා ප්‍රවීණ වේග පන්දුයවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩසන් නම් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය උප නායක බෙන් ස්ටොක්ස් බි්‍රස්ටල් නුවර පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළදී ගැටුමකට මැදිවීමත්, එම සිදුවීම සම්බන්ධයෙන් තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වීමත් නිසා ඔහුට කණ්ඩායමේ උප නායකත්වය අහිමි විය. ඒ අනුව ස්ටොක්ස්ගේ හිඩැස පිරවීම සඳහා ඇන්ඩසන් එංගලන්ත කණ්ඩායමේ උප නායකත්වය සඳහා නම් කර තිබේ.

එංගලන්ත කණ්ඩායමට නව උප නායකයක් කිරීමේදී හිටපු ටෙස්ට් නායක ඇලිස්ටෙයාර් කුක්ට සහ ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඞ්ට වඩා වැඩි අවධානයක් ඇන්සඩන් වෙත යොමු කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.  

තමාට හිමිවූ නව තනතුර සම්බන්ධයෙන් ඇන්ඩසන් පවසා සිටියේ “මෙය (උප නායකත්වය) මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙක් විදියට මගේ වගකීම වෙන්නේ මා ලැබූ අත්දැකීම් කණ්ඩායම සමග බෙදාහදා ගැනීමයි. මම විතරක් නෙමෙයි, ඇලිස්ටෙයාර් සහ බ්‍රෝඞ්ද ඒ දේ හරියටම කරනවා.” ලෙසිනි.

“මීට කළින් අළු බඳුන තරගාවලියට සහභාගි වෙලා නැති ක්‍රිඩකයන් සහ මීට කළින් ඕස්ටේ්‍රලියාවේදී තරගාවලියකට සහභාගි වෙලා නැති ක්‍රීඩකයන් රැසක් මෙවර අපේ කණ්ඩායමේ ඉන්නවා. ඉතින් අපිට පුලුවන් විදියට ඒ අයට උදව් කරන එක අපේ වගකීම වෙන්නේ.” යැයිද ඔහු පැවසීය.


- 036

 


අදහස් (0)

උප නායකත්වය ඇන්ඩසන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.