Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උතුරේ රන් හටන විසඳුමකින් තොරයි

උතුරේ රන් හටන විසඳුමකින් තොරයි

editorial - 2024 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය සහ වඩුක්කොඩෙයිහි පිහිටි යාපනය විද්‍යාලය අතර ශාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති මහ ක්‍රිකට් තරගය අද (2 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ‘උතුරේ රන් හටන’ ලෙසින් හැඳින්වෙන මෙම තරගය වසර 107 ක් පැරණි, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ කීර්තිමත් තරගයකි. 

කාසියේ වාසිය දිනාගත් ශාන්ත පැට්‍රික් විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ඕවර 80 ක් තිස්සේ පන්දුවට පහර දුන් වඩුක්කොඩෙයි පිතිකරුවෝ ලකුණු 89 ක් ලබාගත්හ. ලකුණු ලබාගැනීම බෙහෙවින් මන්දගාමී වූ නමුත් ශාන්ත පැට්‍රික් කණ්ඩායම ලකුණු 146 කට සීමාකරගත් යාපනය විද්‍යාලයීය පන්දු යවන්නෝ තම පිලට ලකුණු 43 ක මුල් ඉනිමේ වාසියක් ගෙන දුන්හ. පිතිකරුවෝ, දෙවැනි ඉනිමේදී ලකුණු 97 ක් ලබාගනිමින්, ශාන්ත පැට්‍රික් විදුහලට ලකුණු 137 ක ඉලක්කයක් සකස් කර දුන්හ. 

ශාන්ත පැට්‍රික් විද්‍යාලයීය දෙවැනි ඉනිමේ ඕවර 13 ක් ඇතුළත ලකුණු 24 කට කඩුලු 5 ක් දැවී ගියත් කාල වේලාව මඳවීම නිසා තරගය අතහැර දැමීමට සිදුවිය. 

බෙහෙවින් අඩු ලකුණු වාර්තා වූ මෙම තරගයේදී දකුණතින් පා දඟ පන්දු යවන වී. විෂ්ණුගෝබන් ඉනිම දෙකේදීම ලකුණු 57 කට කඩුලු 9 ක් දවාගත්තාට අමතරව, දෙවැනි ඉනිමේදී ලකුණු 42 කට කඩුලු 6 ක් අහිමි කරගත් වඩුක්කොඩෙයිහි යාපනය විදුහල් කණ්ඩායම වෙනුවෙන් අභීත පිතිහරඹයකද නිරත විය. 

 

වඩුක්කොඩෙයි යාපනය විදුහල - පළමු ඉනිම 189 යි
(ආර්. ජොන්සන් 63, ඊ. එමාක්‍ෂන් 17, පී. අබිනාෂ් 15, ටී. ඬේමියන් 17, එස්. නාර්තනන් 14, ආර්.  ජෙන්ෂොන් 25, පී. මතූෂන් 17/2, ඩී. අබිලාෂ් 30/3, එස්. ෂෙහාන් 30/3)

ශාන්ත පැට්‍රික් විදුහල - පළමු ඉනිම 146 යි
(එස්. ෂෙහාන් 12, ඒ. අබිෂේක් 13, ඩී, අබිලාෂ් 12, පී. මතූෂන් 39, කේ. සරූෂන් 34, එස්. මතූෂන් 26/2, වී. විෂ්ණුගෝබන් 49/6) 

වඩුක්කොඩෙයි යාපනය විදුහල - දෙවැනි ඉනිම කඩුලු 7 ට 93 යි 
(ආර්. ජොන්සන් 15, ආර්. ජෙන්ෂන් 22, වී. විෂ්ණුගෝබන් නොදැවී 30, කේ. සරූෂන් 30/5)

ශාන්ත පැට්‍රික් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 24 යි
(ඒ. අබිෂේක් 14, වී. විෂ්ණුගෝබන් 08/3)

- 213


අදහස් (0)

උතුරේ රන් හටන විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.