Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උතුරු හටනේ ජය ශාන්ත ජෝන් විද්‍යාලයට

උතුරු හටනේ ජය ශාන්ත ජෝන් විද්‍යාලයට

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 114 වැනි ‘උතුරු හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 17 කින් ජය ගැනීමට ශාන්ත ජෝන් විද්‍යාලය ඊයේ (7 වැනිදා) සමත්විය.

 දෙවැනි දිනය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි යාපනය මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 3 ක් දැවී ලකුණු 51 ක් රැස්කර සිටියද තෙවැනි දිනයේදී ඔවුන්ගේ ඉතිරි කඩුලු 7 ලකුණු 73 කදී දවාගැනීමට ශාන්ත ජෝන් විද්‍යාලීය පන්දු යවන්නෝ සමත්වූහ.

අර්ධ ශතකයක් ලබාගත් ටී.ඉන්දුජන් (56) යාපනය මධ්‍ය මහා විද්‍යාලීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර එම්.සන්සජන් ලකුණු 27 ක් ලබාගත්තේය.

ඒ.සාරන් ලකුණු 32 කට කඩුලු 5 ක් සහ ටී.දිනෝෂන් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනිමින් යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක් අත්කර දීමට සමත්වූහ.

යාපනය මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලුදෙනා දැවී 150
(වී.වියකාන්ත් 30, එම්.සුරංගන් 25, එම්.සන්සාජන් 20, ඒ.නිත්ෂාන් 20, කේ.කරිසන් 10/3, වයි.විදුෂාන් 42/2)

ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 106 කදී සියලුදෙනා දැවී 291
(ඒ.සුකේතන් 49, ටී.දිනෝෂන් 44, කේ.සදේෂන් 43, ටී.විනෝජන් 27, ඒ.අභිෂේක් 25, ඒ.සාරන් නොදැවී 24, ටී.විදුෂාන් 79/5, වී.වියකාන්ත් 80/3)

යාපනය මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී 124
(ටී.ඉන්දුජන් 56, එම්.සන්සජන් 27, ඒ.සාරන් 32/5, ටී.දිනෝෂන් 15/3)
  


අදහස් (0)

උතුරු හටනේ ජය ශාන්ත ජෝන් විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.