Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ‘ඒ’ පිල ඉනිමකින් ජයගනී

ඉන්දීය ‘ඒ’ පිල ඉනිමකින් ජයගනී

editorial - 2019 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර බෙලගාවිහිදී පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 205 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අද (27 වැනිදා) සමත් විය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 390 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 185 කට සීමා කිරීමට රාහුල් චාහර් ප්‍රමුඛ ඉන්දීය ‘ඒ’ පන්දු යවන්නෝ සමත් වූහ. තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ චාහර් ඉනිම් දෙකේම කඩුලු 4 බැගින් බිඳහෙළමින් ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සධීර සමරවික්‍රම හතරේ පහර 6 ක් සමග ලකුණු 48 ක් රැස්කළ අතර නායක අෂාන් ප්‍රියන්ජන් ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල ලකුණු 27 ක් ලබා සිටියදී සන්දීප් වොරියර්ගේ පන්දුවක් හමුවේ ශ්‍රීකර් භාරත් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

දෙවැනි දිනය සඳහා පෙරේදා (26 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඊයේ දිනයේදී (27 වැනිදා) සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 149 ක් පමණි. එහිදී තරමක් වේගවත් පිතිහරඹයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 113 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 103 ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් නායක අෂාන් ප්‍රියන්ජන් (49) සමග එක්ව ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දික්වැල්ල සමත් විය. ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ රිකී භූයි අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතක පෙනි පෙනී දැවීයන විට ප්‍රියන්ජන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත වී තිබිණ.


ඉන්දීය ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 622
(ප්‍රියන්ක් පන්චාල් 160, අභිමන්‍යු ඊෂ්වරන් 223, අන්මෝල්ප්‍රීත් සිං නොදැවී 116, සිද්ධේෂ් ලාද් 76, විශ්ව ප්‍රනාන්දු 83/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම - සියලු දෙනා දැවී 232   
(සධීර සමරවික්‍රම 31, අෂාන් ප්‍රියන්ජන් 49, නිරෝෂන් දික්වැල්ල 103, අකිල ධනංජය 16, රාහුල් චාහර් 78/4, ශිවම් ඩූබ් 19/2, සන්දීප් වොරියර් 50/2, ජයන්ත් යාදව් 67/2)  

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 185    
(සධීර සමරවික්‍රම 48, අෂාන් ප්‍රියන්ජන් 39, නිරෝෂන් දික්වැල්ල 27, චාමික කරුණාරත්න 20, රාහුල් චාහර් 45/4, අන්කීත් රාජ්පුත් 11/2, සන්දීප් වොරියර් 26/2, ජයන්ත් යාදව් 58/2)


-036

 


අදහස් (0)

ඉන්දීය ‘ඒ’ පිල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.