Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සදම්ප්ටන් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය.
ඒ වන විට ටොබී ඇල්බට් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 69 ක්ද, රොස් වයිට්ලි හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 55 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. දෙවැනි දිනය අවසන් වන විට ඔවුන් දෙදෙනා එක්ව නැඟී එන ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 98 කි.
පළමු දිනය වූයේ පෙරේදා (13 වැනිදා) කඩුල්ලක් අහිමිකරගත් නමුත් ලකුණු නොළබා සිටි හැම්ෂෙයර් ක්‍රීඩකයෝ, ඊයේ දිනයේදී තේ පානය වන විට තවත් කඩුලු 4 ක් අහිමිකර ගනිමින් සිය ලකුණු පුවරුවට ලකුණු 166 ක් එක්කළහ. එහිදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 64 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ෆ්ලෙචා මිඩ්ල්ටොන් සමත් විය.
තේ පානයෙන් අනතුරුව කඩුලු ආරක්ෂා කරගනිමින් ඉතා දක්ෂ ලෙස පිතිහරඹයේ නිරත වූ ඇල්බට් සහ වයිට්ලි දෙවැනි දිනය නිමාවීට මත්තෙන් සිය කණ්ඩායමට තවත් ලකුණු 86 ක් එක්කළහ. ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව බිඳදැමීම සඳහා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පන්දු යවන්නන් 8 දෙනකුගේ සේවය ලබාගත්තද ඔවුන් සියලු දෙනාම අසාර්ථක වූහ.
ටොම් ප්‍රීස්ට් ලකුණු 35 කටත්, නායක ෆීලික්ස් ඕර්ගන් ලකුණු ලබාගැනීමට පෙරත් පිටියෙන් ඉවත් කිරීමට උදිත් මධුෂාන් සමත් විය. ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නුවනිඳු ප්‍රානාන්දු අතට උඩපන්දුවක් දෙමින් මිඩිල්ටොන් පිටියෙන් ඉවත්ව ගියේය. ඇනියුරින් ඩොනල්ඩ් ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියේද ලක්ෂාන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.
ශ්‍රී ලංකා නැඟී එන පිල - සියලු දෙනා දැවී 281
(නිෂාන් මධුෂංක 16, නුවනිඳු ප්‍රනාන්දු 52, ධනංජය ලක්ෂාන් 21, සන්තුෂ් ගුණතිලක 53, දුනිත් වෙල්ලාලගේ 44, අෂීන් ඩැනියෙල් 21, දිළුම් සුදීර 33, ජෝන් ටනර් 31/5, හැරී පෙට්‍රි 48/3, ඩොමිනික් කේලි 55/2)
හැම්ප්ෂයර් ප්‍රාන්ත පිල - කඩුලු 5 ක් දැවී 252
(ෆ්ලෙචා මිඩිල්ටොන් 64, ටොම් ප්‍රීස්ට් 35, ටොබී ඇල්බට් නොදැවී 69, ඇනියුරින් ඩොනල්ඩ් 16, රොස් වයිට්ලි නොදැවී 55, ධනංජය ලක්ෂාන් 43/2, උදිත් මධුෂාන් 73/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.