Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ඩසන් - බ්‍රෝඩ් ටෙස්ට් පිලට යළි කැඳවති

ඇන්ඩසන් - බ්‍රෝඩ් ටෙස්ට් පිලට යළි කැඳවති

editorial - 2022 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීණ වේග පන්දු යවන්නන් දෙදනකු වන ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවට් බ්‍රෝඩ් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරග දෙක සඳහා නැවතත් එංගලන්ත සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.  

අළු බඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව හමුවේ ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව ඇන්ඩසන්ට සහ බ්‍රෝඩ්ට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ස්ථාන අහිමි වූහ. මෙම වසර (2022) මුලදී බටහිර ඉන්දීය කෙදෙව්හි සංචාරයක නිරත වූ එංගලන්ත කණ්ඩායමේද ඔවුන් දෙදෙනා සඳහා ඉඩක් වෙන් නොවීය.
 
කෙසේ වුවත් බෙන් ස්ටොක්ස් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසත්, නවසීලන්ත ජාතික බ්‍රෙන්ඩන් මැකලම් එහි පුහුණුකරු ලෙසත් පත්වීමෙන් අනතුරුව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ක්‍රීඩාවට අදාල ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම සිදු කළේය.

එම වෙසන්කම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාට යළිත් කණ්ඩායමේ දොරටු විවර වී ඇත. ක්‍රිස් වෝක්ස්, ජොෆ්රා ආචර්, සෑම් කරන්, මාක් වුඩ් සහ සකීබ් මොහොමඩ් වැනි ක්‍රීඩකයන් විවිධ ආබාධවලට ගොදුරුවී සිටීමද ඇන්ඩසන්ගේ සහ බ්‍රෝඩ්ගේ ආගමනයට තවත් හේතුවෙක් බවට පත්විය.

දෙරට අතර පැවැන්වෙන පළමු ටෙස්ට් තරගය ජූනි මස 2 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර සෙසු තරග දෙක නොටිංහැම්ප්ෂයර්හිදී සහ ලීඩ්ස්හිදී පැවැත්වීමට නියමිතය.


පළමු තරග දෙක සඳහා එංගලන්ත ටෙස්ට් සංචිතය
බෙන් ස්ටෝක්ස් (නායක), ජේම්ස් ඇන්ඩසන්, ජොනී බෙයාස්ටෝ, ස්ටුවට් බ්‍රෝඩ්, හැරී බෲක්ස්, සැක් ක්‍රොව්ලි, බෙන් ෆෝක්ස්, ජැක් ලීච්, ඇලෙක්ස් ලීස්, ක්‍රේග් ඕවර්ටන්, මැතිව් පොට්ස්, ඔලී පෝප් සහ ජෝ රූට්  

- 036


අදහස් (0)

ඇන්ඩසන් - බ්‍රෝඩ් ටෙස්ට් පිලට යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.