Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දුශාන් හෙට්ටිගේ (102) ශතකයක්ද කමේෂ් නිර්මාල් (88) සහ අසෙල් සිගේරා (67) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 89.4 කදී සියලුදෙනා දැවී ලකුණු 308
(මනෝහරන් පවිත්‍රන් 85, නිම්සර අත්තනගල්ල 48, පසන් හෙට්ටිආරච්චි 24, නදීර බාලසූරිය 23, උසිඳු නිස්සංක 22, චාමික ගුණසේකර 44/2, ගීෂාන් විශ්වජිත් 49/2, ශමල් හිරුෂාන් 52/2, අසෙල් සිගේරා 79/2)

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 374
(දුශාන් හෙට්ටිගේ 102, කමේෂ් නිර්මාල් 88, අසෙල් සිගේරා 67, කණිෂ්ක රංතිලකගේ 31, ළහිරු හිරන්ය නොදැවී 39, නිම්සර අත්තනගල්ල 79/2)

 


අදහස් (0)

ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.