Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විද්‍යාලයට ඉනිමක ජයක්

ආනන්ද විද්‍යාලයට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 84 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය ඊයේ (17 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් (70) ලබාගනිමින් පිත්තෙන්ද කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීමට අසෙල් සිගේරා සමත්වූ අතර චාමික ගුණසේකර කඩුලු 6 ක් දවාගැනීමටද සමත්විය.

 

ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී ලකුණු 139
(විනූ හේවාලංකාර 34, අමිත දාබරේ 29, දුශාන් ප්‍රනාන්දු 26, අසෙල් සිගේරා 33/5, චාමික ගුණසේකර 25/2)

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 78.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 339
(අසෙල් සිගේරා 70, ශාමල් හිරුෂාන් නොදැවී 61, ළහිරු හිරන්ය 54, දමින්ද රේෂාන් 40, කමේෂ් නිර්මාල් 36, කනිෂ්ක රංතිලකගේ 35, විමුක්ති කුළතුංග 109/5, විමූ හේමාලංකාර 32/2)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34.2 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(සඳුනිල් සංකල්ප 36, චාමික ගුණසේකර 28/4, අසෙල් සිගේරා 30/4)

 


අදහස් (0)

ආනන්ද විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.